විශ්ව සාහිත්‍යයට අයත් සුවිශේෂ ඉගැන්වීම් කතා විශේෂයකි. වසර දහසක් පමණ කාලයක් තිස්සේ කටින් කට ආ මේ කතා අරාබිකරයේ සූෆි ආගමික නිකායට අයත් පූජකවරුන් විසින් සෙස්සන්ගේ නැණැස පාදවනු පිණිස උපයෝගී කර ගන්නා ලද ඒවාය. එසේ වුවත් ඒවායේ ඇති ඉගැන්වීම් විශ්ව භාවිතයට සුදුසු, නැණ නුවණ පාදන ස්වරූපයෙන් යුක්තය. එසේ ම හාස්‍යය උපදවනසුලූ ය. ලොව පුරා බොහෝ භාෂාවලට පරිවර්තනය වී ඇති මෙම කතා අද භාෂා, ආගම්, ජාතිභේදවලින් තොරව මුළු ලොවට ම නුවණ, දැනුම විනෝදය සපයයි.
සූෆි (Sufi) යන අරාබි වදනෙහි අරුත ‘වූල්’ ය. වූල් සාළුවක් පැලඳීම නිසා මෙම සුවිශේෂ පූජක පිරිස සූෆි නමින් ප‍්‍රසිද්ධ විය. ඔවුන්ගේ දර්ශනය සූෆි නම් විය. මෙම සූෆිවරුන් බිහි වූයේ ඉස්ලාම් ආගම ආරම්භ වී සියවස් දෙකකට පසුව යැයි කියැවේ.
සාම්ප‍්‍රදායික උපමා කතාවලට වඩා සූෆි උපමා කතාවල අදහස් ප‍්‍රකාශනය තියුණුය; හරවත්ය. මේ කතා බොහොමයක් නිර්මාණශීලිත්වයෙන් හා උපහාසයෙන් ද අනූනය.
ජපානයේ සෙන් බොදු කතාවලට සමාන කොට දැක්විය හැකි මේ කතා මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ රටවල ජනතාව අතරේ කටවහරේ පැවති ඒවාය.
මෙම සූෆි කතාවල ඇති වැදගත්කම බටහිර ලෝකයාගේ අවධානයට ලක් කළේ විශ්ව කීර්තියට පත් ලේඛකයකු, දාර්ශනිකයකු හා ආචාර්යවරයකු වන අයිඞ්රීස් ෂා (Idries Shah) වෙතටය. ඔහු විසින් සූෆි දර්ශනය ගැන ලියන ලද පොතපත හා මෙම කතා දර්ශනවාදය ඉගැන්වීමේ දී ලොව පුරා විශ්ව විද්‍යාලවල භාවිත වෙයි.
‘සූෆි උපමා කතා’
- පර්සි ජයමාන්න
මුද්‍රණය 1990.
Not available in book store