දිනක් බස්රියේ වාඩි වී ගල්කිස්ස දෙසට ගමන් කළ මට ඉදිරි ආසනයෙහි සිටි තරබාරු ලංසි නෝනලා දෙදෙනකුගේ කථාව ඇසුණේය.
අද සතොස මුදල් කැමි කෙල්ලට තරු පෙනෙයි. බිල ගෙවන්න මා රුපියල් 100යේ නෝට්ටුවක් දික් කළාම ඈ නොදැක්කා වාගේ යාළුවකු එක්ක දිග කථාවක්. මා සැර දාලා මුදල් ගන්නේ නැද්දයි ඇසුවාම ඈ මා දිහා ඔරවා බලා බිල්පත ලකුණු කර මා දිහාට ගස්සලා තල්ලු කළා, ඉතිරි මුදලුත් එක්ක. මා එය අරන් ඉක්මනට ඉක්මනට ආවා.
ඇයි මුදල වැඩියවත් ලැබුණා ද?
වැඩියදත් කියනවා. මට එන්ට තිබුණ මුදල වාගේ දෙකකුත් රුපියලක් මට ලැබුණා.
ඒ කොහොම ද වුණේ?
එයාට මට දුන්නේ එන්ට තිබුණු ශත ගණනට රුපියලුයි, රුපියල් ගණනට ශතයි. හොඳ වැඩේ එයාගේ ආඩම්බරේට.
මේ කථාව අසා සිටි මගේ කල්පනාවට ආවේ මුදල් කැමිය දිය යුතු වූ ඉතිරි මුදල කීයද? දෙන ලද වැරදි මුදල කීය ද? යන ප්‍රශ්න දෙකය.
ඔබට උත්තර දිය හැකිද?
පිළිතුර -
දෙන්ට තිබුණු ඉතිරි මුදල රු.
32.66
2න් ගුණ කළ විට රු. 65.32
වැඩි පුර දුන් රුපියල් 1.00
දෙන ලද වැරදි මුදල රු. 66.32
(මෙය වසර 58කට පෙර එස්. පී. පෙරේරා මහතාගේ ‘අභියෝගය’ නම් කෘතියෙනි.)
0 Comments