"ඔහෙ නම් පුදුමාකාර වාසනාවන්තයෙක් වගෙයි පේන්නෙ - ඔහේ කැමති නැද්ද මැජික් මල්ලකට?" ඔහු නස්රුදින්ගෙන් ඇහුවා.
මිනිහගෙ අතේ ඒ වෙලාවෙ තිබුණෙ බූරුවන්ට කෑම දෙන කෑම මල්ලක්.
"මොනවද ඒකෙන් කරන්න පුළුවන්?" නස්රුදින් ඇහුවා.
"ඔන්න බලනවා" කී මායාකාරයා ඒ කෑම මල්ලට අත දාල මුලින් ම හාවෙකුත්, ඊළඟට බෝලයකුත්, අන්තිමට මල් පෝච්චියක් එක්ක මල්පැලයකුත් ගත්තා.
නස්රුදින්ට හරි පුදුමයි. ඒත් ඔහු එකපාරටම සල්ලි දෙන්න ලෑස්ති වුණේ නෑ. එවේලේ තමන්ම ඒ මල්ල පරීක්ෂා කරලා බලන්න ඔහුට අවශ්‍ය වුණා. මායාකාරයා ඒකට බය වුණා.
"තවත් එකක්, මේකට කරදර කරන්න එපා! පොඩ්ඩ බැරිවෙන කොට ඉල්ලන දේ නොදී අරිනවා. ඒ හින්ද මේකට හිරිහැර නොකර - අනිත් අයටත් මේ නොගැන කියා - හෙමිහිට තමන් කැමති දේ ඉල්ලා ගන්න - ටිකක් ඉවසන්න! ඔහේ එක්ක යාළු වුණාම මේකෙන් ඔහෙට කැමති දෙයක් ලබා ගන්න පුලුවන්" කියලා මායාකාරයා කිව්වා.
දවල් කාලයේ තේ කඩේක ටිකක් විවේක ගත්තු නස්රුදින් මැජික් මල්ලත් අරගෙන ඉක්මන් කරලා ගෙදර යන්න පිටත් වුණා. මැජික් මල්ලෙන් මොනව හරි ඉල්ලනකං නස්රුදින්ට ඉවසුමක් නෑ. ඒත් ඉවසන්න එපායැ. ඒත් අව්ව සැර වැඩි නිසා එන්න එන්න ම ගමන අපහසු වුණා. කටේ කෙළ වියළී ගියා. දැඩි ලෙස පිපාසය ඇති වුණා. තවත් ඉවසන්න බැරි තැන පාර අයිනේ වැඩිවෙලා මැජික් මල්ලට කතා කළා.
"මැජික් මල්ල! මට වතුර වීදුරුවක් දෙන්න" කියලා ඉල්ලුවා. ඊළඟට එයා මල්ලට අත දැම්මා. ඒත් මල්ල හිස්!
"ආ!" සමහර විට මේකට දෙන්න පුලුවන් හාවුන්, බෝල, පැළ, ආදිය විතරක් වෙන්න ඇති, කියලා හිතලා නස්රුදින් "හොඳා, එහෙනම් මට හාවෙක් දෙන්න" කියලා ඉල්ලුවා.
මොන හාවෙක් ද? ඒ පාර හාවනුත් නෑ.
"මාත් එක්ක අමනාප වෙන්න එපා! මට මේ මැජික් මලු ගැන තේරුමක් නෑ." කී ඔහු මැජික් මල්ල යාළු කර ගන්න උපායක් කල්පනා කළා. කලින්දාක නස්රුදින් බූරුවට කේන්ති ගියාම ඌට කෑම මල්ලක් ම ගෙනත් දුන්න බව ඔහුට මතක් වුණා. මේ මැජික් මල්ලත් ඒ ජාතියේ මල්ලක් හින්දා ඔහු කල්පනා කළා, ඒක සතුටු කරන්න නම් බූරුවෙක් අරන් දුන්නොත් හරි යයි කියලා ඒ මල්ලට බූරුවෙක් අරන් දුන්නා.
ඊට පස්සෙ ඒ බූරුවත් දක්කා ගෙන පාර දිගේ යද්දී කෙනෙක් ඇහුවා, "මොකද මේ බූරුවො දෙන්නෙක්?" කියලා.
"තමුසෙ දන්නේ නෑ. මෙතැන බූරුවො දෙන්නෙක් නැහැ. එක බූරුවයි, උගේ කෑම මල්ලයි. එක කෑම මල්ලයි ඒකට අයිති බූරුවයි" නස්රුදින් උත්තර දුන්නා.
(පර්සි ජයමාන්නගේ 'නස්රුදින්' නම් ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශයෙනි)
0 Comments