මීට අවුරුදු පනහකට විතර ඉස්සර, අපි තවමත් නුදුටු අනාගතයක් ගැන අපේ නවක ගේය පද රචකයෙක් විස්මය දනවන නිර්මාණයක් කළා. ඒ තමා දයානන්ද කුමාසිරි. විදුලි දුම්රිය තාමත් අපට හීනයක්! ඒ කාලේ තිබුණේ එක ගුවන්විදුලියයි. රූපවාහිනියක් ගෙන එන අදහසක්වත් තිබුණේ නැහැ. 1969 දී ඇමරිකාව රොකට්ටුවකින් මිනිසකු හඳ මතට පා තබන්නට ගෙන ගිය අයුරු කියන විසිතුරු කතන්දරයත් ඔහු අසා ගත්තේත් ගුවන් විදුලියෙන්. ඔහු අමුතුම ආරක ගීයක් ලිව්වා. ඒ තමා රූපා ඉන්දුමතී හා ලක්ෂ්මන් රුද්‍රිගු දෙදෙනා ගයන 'විදුලි දුම්රියේ චංචල නාදය' යන ගීතය.
සරල ගීතය කියන කලා මධ්‍යය බිහි වුණෙත් ගුවන් විදුලියෙන්. ගීතය කෙටි කාලයක් තුළ පූර්ණ රසාස්වාදයක් ලබා දිය හැකි සුන්දර මාධ්‍යයක්. මේ ෆැන්ටසි (විචිත්‍ර කල්පනාවක්) ගීතයත් එවැන්නක්. පෙම් ගීයකට අනාගත සංකල්පනාවන් කොතරම් උචිත ද! ඒ ගීතයෙන් පෙම්වතුන් දෙදෙනා අනාගතයේ අපට අත්විඳින්නට ලැබෙන ලෝකය ගැන ඒදා කී හැටි කොයිතරම් අපූරුද!
ඒ අපූරු ගීයේ පසුබිම් කතාවත් අපූරුයි. රූපාගේ සැමියා ලක්ෂ්මන් ඒ කතාව මෙහෙම පටන් ගන්නවා. 'අපේ පුතාලට ටියුෂන් දෙන්න අපේ ගෙදරට මාස්ටර් කෙනෙක් ආවා. ටික දවසක් යන කොට අපි එක්කත් සුහද වුණු ඔහු මගෙන් ඇහුවා එයා ලියූ ගී අපට ගයන්න පුළුවන් ද කියලා. මං දැන ගෙන හිටියෙ නෑ, එයාට ගීත ලියන්න පුළුවන් බව. මං ගේන්න කීවා ම ඔහු පහුවදා එනකොට ගීත දෙකක් ම ගෙනත් දුන්නා. ඒ තමයි, 'විදුලි දුම්රියේ චංචල නාදය' හා 'සඳ මුවා වෙලා වැහි වලාවකින්' යන ගීයත්. මං ඒ ගීය වික්ටර් රත්නායකට දුන්නා තනුවක් දාන්න කියලා. 'විදුලි දුම්රියේ චංචල නාදය' ගැන මට පුදුම හිතුනා. ඉතා අපූරු අදහසක්! මම ඒ ගීය අරන් මං මොහොමඩ් සාලි මාස්ටර් සොයාගෙන ගියා.
සවනත වැකෙන සඳේ...
කඳුළු පිරි දෙනෙතින් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ...
පමා වුණෙමි සොඳුරේ..
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළදේ...
වසන්ත සුළඟෙ හැපී...
සාගර විලමත පාවෙන උයනේ
මී විත පුරමු අපි...
විසිතුරු කතන්දරේ දුර සඳ මඬලේ
සිනමා මැදුරක නරඹමු නිසංසලේ...
ආදර සඳුන් වනේ... නරඹමු සුරඟුන්
රඟදෙන රැගුමන් පියඹන අවන් හලේ...
පරසතු කුසුම් විලේ ජයපැන් තොලගා
මේ ගේය පද රචනා කරපු දයානන්ද කුමාරසිරි සොයා ගෙන මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ ගියා. ඔහු එවකට සේවය කළේ කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යංශයේ. 'මේ වගේ ගීතයක් ලියන්න හිතුනේ කොහොමද?' ප්‍රියංකර ඇහුවා.
'1966 තුරඟ තරඟ පිටියේ ප්‍රදර්ශනයකදියි මං මුලින් ම රූපවාහිනිය දැක්කේ. ගුණසේන පොත්හලේ ප්‍රදර්ශනයක් වෙලාවෙත් රූපවාහිනි යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තිබුණා. එවැනි තැන්වල හැරණු කොට ඒවා ගෙවල්වල තිබුණේ නෑ. පසු කාලයේ රූපවාහිනිය අපේ රටට ගේන්න කතාබහ කෙරෙමින් තිබුණු වකවානුවකයි, මේ ගීය මා අතින් ලියවුණේ.
'ඒ හැරුණු විට පා වෙන දූපත්, පියාඹන දූපත්, විදුලි දුම්රිය අදාළ කතා පොත්වලින් තමයි කියවලා තිබුණේ. ඒවා තමයි මං මේ ගීතයට ඇතුළු කර ගත්තේ.
'ටික වෙලාවකින් දුම්රියක් ආවා. ඒ දුම්රියෙන් ආ තරුණයෙක් ඊළඟට හරිම කඩිමුඩියේ ඇය ළඟට දුව ගෙන ආවා.
'ඒ තරුණිය ඇහුවා, "මෙච්චර වෙලා මොනවද කළේ? ...මං දැන් කොච්චර වෙලාවක ඉඳන් බලන් ඉන්නවද?" ඔය අතරෙ මං දැක්කා අර තරුණිය ලේන්සුවෙන් කඳුළු පිස දමන ආකාරයත්. ඒ මොහොතේ ඒ තරුණයා කිව්වා, "මොනවා කරන්නද ඉලෙක්ට්‍රික් දුම්රියක් තිබ්බා මට විජහට එන්න තිබුණා.... මේක ආවෙ හරිම හෙමින් නෙ." කියලා.
'ඒ සිදුවීම තමයි මං ඔය ගීතයට පදනම කර ගත්තේ' ගීත රචකයා සිය කතාව කිව්වා.
මේ ගීය ගැන මහේෂ් නිශ්ශංකගේ 'සිහිනයක රෑ' කියන ජනප්‍රිය රූපවාහිනී වැඩ සටහනේදි රවි සිරිවර්ධන කියන ප්‍රවීණ ගීත රචකයා, කවියා අපූරු විවරණයක් කළා. ඒ විවරණය ඔහුගේ හඬින් ම අහන ඒකයි, වඩාත් හොඳ.
ඒ විවරණය සමග ඔහු නන්දා මාලිනීගේ 'සරුංගලේ' ගීය ගැනත් ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය ගැනත් අපූරු අදහස් පළ කිරීමක් කළා.
මේ පහත වීඩියෝවෙන් ඒ විවරණයට සවන් දෙන්න!
- පර්සි ජයමාන්න
0 Comments