දවසක් නස්රුදින් පාරක් දිගේ යද්දි එකපාරටම දුව ගෙන ආපු මිනිසෙක් කස්රුදින්ට වේගවත් කම්මුල් පාරක් ගැහුවා. නස්රුදින් ඒ කම්මුල් පාරට අන්දුන්කුන්දුන් වුණා.
නස්රුදින් මිනිහා දිහා පුදුමෙන් බලාගෙන හිටියා. මිනිහට ඉක්මනින් ම තේරුණා, කලබලේ වැඩිකමට වැරදිලා එයා ගැහුවෙ වැරදි මිනිහෙකුට කියලා.
මිනිහා නස්රුදින්ගෙන් සමාව ඉල්ලුවා. කම්මුල තාමත් පුපුරු ගහන හින්දා නස්රුදින් මිනිහට සමාව දුන්නේ නැහැ. මිනිහව අරන් ගියා නඩුකාරයා ළඟට!
නඩුකාරයා දෙපැත්තෙම කථාව අහලා කීන්දු ප්‍රකාශ කළා!
‘මං නියෝග කරනවා, පැමිණිලිකාරයාට ඒ වගේ ම කම්මුල් පාරක් විත්තිකාරයටත් දෙන්න කියලා!’ නඩුකාරයා කිව්වා.
නස්රුදින් ඒ තීන්දුව පිළිගත්තේ නැහැ. එයා අලාබෙට වන්දි ඉල්ලුවා! නඩුකාරයාට නස්රුදින් එක්ක කේන්ති ගියා. කේන්තිය වැඩි වෙන්න ඉස්සර නඩුකාරයා තීන්දුව වෙනස් කළා.
‘එහෙනම් පමිණිලිකාරයාට ඒ කම්මුල් පාරට වන්දියක් හැටියට රුපියල් 200ක් ගෙවනවා!’ නඩුකාරයා විත්තිකාරයාට නියෝග කළා.
නස්රුදින් ඒ තීන්දුවට එකඟ වුණා. ඒ ඒ මිනිහා කිව්වා එයා ළඟ එච්චර මුදලක් නෑ කියලා හයා ගෙදරට ගිහින් සල්ලි ගෙනත් දෙන්නම් කියලා. නඩුකාරයා ඒකට අවසර දුන්නා. ඒ මිනිහා සල්ලි ගේන්න ගෙදර ගියා.
පැය බාගයක් ගත වුණා. ඒ මිනිහා ආවේ නෑ. නස්රුදින්ට ඉවසිල්ලක් නැතිවුණා. ‘තවත් බලා ඉන්න බැහැ! මිනිහා එන්න පරක්කුයි!’ කියලා නස්රුදින් නඩුකාරයා වෙතට ගියා.
නඩුකාරයා වෙනත් නඩුවක් විභාග කරමින් හිටියේ. නස්රුදින් නඩුකාරයා ළඟට ගිහින් එක පාරටම නඩුකාරයට කම්මුල් පාරක් ගැහුවා! එහෙම ගහලා මෙහෙම කිව්වා. ‘නඩුකාරතුමනි, මට යන්න පරක්කු වෙනවා තවත් ඒ මිනිහා එනකම් බලා ඉන්න බෑ! ඒ මිනිහා ආවා ම මං වෙනුවෙන් ඒ රුපියල් 200 ඉල්ල ගන්න!’ කියලා නස්රුදින් යන්න ගියා.
0 Comments