ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රකතාවේ නිර්මාතෘ කවරෙක් ද? මෙරට ප්‍රථම සිංහල දේශපාලන කාටූන්කාරයා කවරෙක්ද? අපේ රටේ චිතු වෙළෙඳ දැන්වීම්කරණයේ ප්‍රමුඛයා කවරෙක් ද? අපේ රටේ පෝස්ටර නිර්මාණයේ ප්‍රාරම්භකයා කවරෙක් ද? අපේ මුද්දර නිර්මාණයේ පුරෝගාමියා කවරෙක් ද? සුබපැතුම් පත් දේශීය කරණයට ලක් කළ මුල්ම චිත්‍රශිල්පියා කවරෙක් ද? අපේ පොත් කවර නිර්මාණයේ ප්‍රමුඛයා කවරෙක් ද?මේ ප්‍රශ්න සියල්ලට ම ඇති උත්තරය එකකි. ඒ අන් කිසිවකු නොව ගම්වාසී සෙනරත් ප්‍රනාන්දු ය. කවුරුත් දන්නා විධියට කීවොත් ජී. ඇස්. ප්‍රනාන්දු ය. මේ ඔහු දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙස ඔහු ලත් අපූරු අත්දැකීමක් අලුත්ම පොතක සඳහන් ව තිබූ අයුරුයි. තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ ‘කීර්තිශේෂ’ නම් ඒ පොත සරසවි ප්‍රකාශනයකි.
පනස් වසරක ඔහුගේ කාටූන් ජීවිතයේ කූටප්‍රාප්තිය සටහන් වන්නේ, සර් ජෝන් කොතලාවල අගමැතිවරයා මුල්කර ගෙනය. බෝපත්තලාවේ ගොවිපළට නිරීක්ෂණ චාරිකාවක ගිය සර් ජෝන් කොතලාවල අගමැතිවරයා පට්ටි ගොනෙකු ආවතේව කරන සුරූපිනියක දැක, ‘මටත් පට්ටි ගොනෙකු වන්නට ඇත්නම්’ යි පැවසීමේ පුවත ජී. ඇස්. ගේ කාටුනයකට පසුතුත විය. සර් ජෝන්ගේ මුහුණ සහිත ගොන් නාම්බෙකුට සත්කාර කරන සුරූපිනියක කාටුනයේ පිළිබිඹු විය. ඊට සුදුසු ලෙස කවි සටහන ලිව්වේ, ශ්‍රී වන්දුරත්න මානවසිංහය.
සර් ජෝන් ගොනෙකුට ඇන්ද වීම එදා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. දහවල වන විට ජී. ඇස්.ට කඳවල වලව්වට එන්නැයි පණිවිඩයක් ලැබිණ. ජී. ඇස්. බයෙන් ගැහෙමින් තමන්ගේ හිස ගසා දමතැයි බියෙන් කඳවල වලව්වට ගියේය. වලව්වේ පියගැටපෙළ නගිත්ම, බදිරියට ආ සර් ජෝන් ‘එහෙනම් උඹ ද මිනිහා? උඹ තමයි මට ඹ්න කළේ’ කියමින් ඔහුගේ කරෙන් අල්ලාගෙන තේ මේසයට කුටුව ගියේය. ‘කාපං බිත්තර ආප්ප’ ජී. ඇස්. තවමත් බයෙන් වෙව්ලයි. සංග්‍රහයෙන් පසු ‘මේ වගේ කාටූන් තව ඇඳපන්. හැබැයි මට ඔරිජිනල් එවපං’ කී සර් ජෝන් ඔහුගේ කමිස සාක්කුවට රුපියල් පන්සියයක් දැම්මේය. විවාහයට ආසන්නයේ සිටි ඔහුගේ මංගල්‍යය, ජයට ගැනීමට ඒ මුදල උදව් වූ බව පසුව ජී. ඇස්. තම දියණි නෙළුම් විමලරත්නට කියා ඇත.
කලක් වෙළෙඳ ඇමතිව සිටි ටී. බී ඉලංගරත්න මහතා ජී. ඇස්.ගේ කාටුනයකට හසු වීමෙන් සිත්තැවුලට පත්විය. ඔහු එම සිත්තැවුල සමනය කර ගත්තේ අපවාද ස්වරයෙන් ලියූ මේ කවිය ජී. ඇස්. ට එවීමෙනි.
ජී. ඇස්., ඉලංගරත්නයන් කාටුනයට ඇන්දේ කිසිදු ද්වේෂයකින් නොවේ. එබැවින් එම කවියෙන් ඔහු කණස්සල්ලට පත් වූයේ නැත. එහෙත් ඒ බව ඔහුට දන්වන්නට යෝග්‍ය අවස්ථාවක් නොබෝ කලකින් උදා විය. ඒ කොලොන්නාව ආසනයෙන් ටි. බී. මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වීමය. ජී. ඇස්. ඒ අවස්ථාවේ ඉලංගත්න මහතාට මේ කවිය ලියා යැව්වේය.
පවතී මිනිස් ගතිගුණ
ආදරය පිළිගෙන
බැණුම් අසමින් සිනාසෙනු මැන
(තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ ‘කීර්තිශේෂ’ නම් අපදාන කෘතියෙනි.)
0 Comments