ඒ පර්යේෂණය අනුව ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජලමූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යාම නිසයි. එහෙමත් නැත්නම් ගස් හා පඳුරු කැපීම වැනි මානව ක්‍රියාකාරම් නිසයි, අනාගතයේ දී නියඟයන් වැඩි වශයෙන් ඇති වීමත් නිසා මේ ගිලා බැසීම් එන්න එන්න වැඩි වේවි. ලෝකයේ ජනගහනය වැඩිවෙත්ම ඒ ශිෂ්ටාචාරයන්ට මේ බලපෑම් ඇති කරාවි. මේ වාර්තාවේ කරුණු අනුව සලකා බලා ප්‍රදේශීය වශයෙන් විපරම් කිරීම් මගින් මේවා වැළැක්වීමට ඒ රජයයන් පියවර ගනිතැයි ඒ විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.
‘සමස්තයක් වශයෙන් ගෙන සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි නාය යාම් හා ගිලාබැසීම් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් හා ක්‍රියාවලියක් සෑම රජයක්ම මගින් තම රට වෙනුවෙන් සකස් කිරීම ඉක්මනින් අවශ්‍ය වෙනවා. නාය යාම්වලට, ගිලාබැසීම්වලට ලක්විය හැකි තැන් සොයා බලා සිතියම් ගත කිරීම අවශ්‍යයි.’ මේ පර්යේෂකයන් කණ්ඩායම කියනවා.
මේ පර්යේෂකයන් නාය යාම් හා ගිලා බැසීම් සිදු විය හැකි තැන් කල් තියා හඳුනා ගැනීමටත් ඒ අනුව කළයුතු දෑ ගැන ක්‍රමවේදයක් සකසා තියෙනවා. ඊට ප්‍රාදේශීය වශයෙන් ඇති භූවිද්‍යාත්මක තොරතුරු, දේශ ගුණය, ගංවතුරට හෝ නියඟයට ගොදුරු වීමේ ප්‍රවණතාව, ගිලා බැසීම් හා නාය යාම් ආදියට බලපාන මානව ක්‍රියාකාරකම් ගැන විස්තර දත්ත සහිතව එහි දක්වා තියෙනවා.
ස්පාඤ්ඤයේ භූවිද්‍යා හා පතල් කැණීම් පිළිබඳ ආයතනයේ ජෙරාර්ඩෝ හරේරා ගාෂියා ඇතුළු කණ්ඩායමක් තමා මේ පර්යේෂණය සිදු කර ඇත්තේ. මේ පිළිබඳව ලොව පුරා සිදු කළ සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් හා රටවල් 34ක තෝරා ගත් නාය යාම් හා ගිලා බැසීම් අවස්ථා 200ක් පමණ විමර්ශනය කිරීමෙන් තමයි, ඔවුන්ගේ වාර්තාව සකස් කර තියෙන්නේ.
0 Comments