නොබුෂිගෙ නම් රණශූර සොල්දාදුවකු හාකුයින් ගුරුතුමා හමුවීමට ආවා. ඇවිත් ඇහුවා, ‘ඇත්තට ම දිව්‍යලෝකයයි අපායයි කියල දෙයක් තියෙනවද?’ කියලා.
‘නුඹ කවුද?’ හාකුයින් ගුරුතුමා විපරම් කළා.
‘මං සමුරායිවරයෙක්’ රණශූරයා කීවා.
‘නුඹ, සොල්දාදුවෙක්!’ හාතුයින් මවිතය පළ කළා. ‘කොයි විදිහෙ පාලකයකුටද නුඹ රැකවල් කරන්නෙ ? නුඹේ මූණ හරියට හිඟන්නකුගෙ වගෙයි.’
නොබුෂිගෙ එයින් කෝපයට පත් වුණා. ඔහු සිය හිණෙහි වූ කොපුවෙන් කඩුව අදින්න හැදුවා. ඒ දුටු හාකුයින් කතා කරමින් මෙහෙම කිව්වා.
‘ආ! නුඹට එහෙනම් කඩුවකුත් තියෙනවා. උඹේ අවිය මගේ බෙල්ල කපන්න තරම් මොට්ට වැඩියි මගෙ හිතේ.’
නොබුෂිගෙ සිය කඩුව කොපුවෙන් අදිත් ම හාකුයින් කීවේ, ‘ඔන්න අපායෙ දොරවල් ඇරෙනවා!’ කියලයි.
මේ වදන් සමග ම සමුරායිවරයා ගුරුතුමාගේ වදන් තේරුම් අරගෙන ඔහුට කීකරුවෙමින් කඩුව ආපසු කොපුවේ දමා ගෙන ගුරුතුමාට හිස නවා ආචාර කළා.
‘ඔන්න, දිව්‍යලෝකයේ දොරවල් ඇරෙනවා!’ හාකුයින් ගුරුතුමා කීවා.
- (පර්සි ජයමාන්නගේ 'සෙන් බොදු කතා' ග්‍රන්ථයෙනි)

0 Comments