HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හෝහපුටුවන් හා මැස්සන් සිංහයා මෙල්ල කළ හැටි!

එකමත් එක රටක සිංහයෙක් හිටියා. ඔහු සිංහයෙකු වුයේ සිංහ ගති පැවතුම්, සිංහ ලීලාවන්, සිය දරු පැටවුනට හා අනික් සිංහයන්ට උරුම කර දීමටයි.

ඒත් සිංහයා තමන්ගේ විනෝදය හා ප්‍රයෝජනය සඳහා ම පහළ වූ සතෙකු හැටියට හිතපු කිසියම් පිරිසකුත් ඌ සමග ජීවත් වුණා. ඒ ඌ වටා රොක්ව සිටි හෝහපුටුවන් හා මැස්සන් පිරිසයි.

සිංහයා වරින්වර වල්ගය හා හිස සැලීමෙන්, ගෙරවීමෙන්, ඒ සතුන් තම සිරුරෙහි වාසය කිරීම වළකා ලන්නට තැත් කළා. ඔහු චලනයක් කළ මොහොතේ මඳකට ඔහුගේ සිරුරෙන් ඈත්වෙන ඒ සතුන් තවත් මොහොතකින් සිංහයා වෙතට ආවා. මෙසේ මොහොතකට ඉවත් වුවද ඒ සතුන් කවදාවත් ඒ සිංහයා හැර යාමට හිතුවේ නෑ. ඒ වගේ ම ඔවුන් එහි රැඳී සිටිනවාට සිංහයා අකමැති බව තේරුම් ගත්තේත් නැහැ.

සිංහයාට තනිව ම ඉන්නට ඉඩ හැරිය යුතු බව ඒ සතුන් ඉගෙන ගත්තේ ද නැහැ. ඔවුන් ඌ වෙත ඇදී ගියේ පුරුද්දෙන් හා ඉබේට ම මිස විශේෂ හේතුවක් හා පෙලඹවීමක් ඇතුව නොවෙයි.

එක දවසක් මේ සිංහයා මිය ගියා. එදා සිංහයාගේ සිරුරේ වසා සිටි හෝහපුටුවන්ට හා මැස්සන්ට ඉතාමත් සතුටු දවසක් වුණා. සිංහයා ඔවුනට තවදුරටත් කරදර නොකිරීම ගැන ඔවුන් සතුටු වුණා. සිංහ මළකුණ ඒ සතුනට කෙළිබිමක් වුණා.

කෘමීන් සිතුවේ ඔවුන් සටන ජයගත් බවයි. ඒ සිංහයා ඔවුන්ට එරෙහි වීම නැවැත්වූ නිසයි. උන් සිතූ පරිදි ඌ ඔවුන් සතු දේපළක් වුණා. ඇත්තෙන් ම ඒ ගැන සිතන්නට බෙලඹුණු ඒ සතුන් මළකුණ තුළින් ලත් අත්දැකීම් අනුව යමින් සිංහයා යනු කවරෙක්දැයි අර්ථකථන දීමට සිතුවිලි සමුදායක් ඇති කර ගත්තා.

සොබාදහම අනුව නිහඬ වුණු සිංහයාගේ හඬ ඇසූ හා ඒ ගැන අත්දැකීම් ඇති අය සිංහයන්ගේ අරමුණු හා ඇගයීම් පිළිබඳ කෘමීන්ගේ අර්ථකථනය නිවැරදි යැයි පිළිගත්තා.

සිංහයන් පැටවුන් වැඩි සංඛ්‍යාවක් ඉතිරි කර යාමත් එයට එක හේතුවක්. මේ නිසා සෑහෙන කාලයක් තෘමීන් ඔවුනට කරදර නොකර ඉන්නට පුරුදු වන අතර පහසුවෙන් කෑම සොයා ගත හැකි තැන් සොයා යාමට ඔවුනට ඉඩ සැලසුණා. සිංහයකුගේ මළකුණකට වඩා සුදුසු තැන් සොයා ගැනීමට ඔවුනට මං පෑදුණා.

මෙයින් ඔවුන් ඉගෙන ගත් තවත් දෙයක් නම් සිංහයකුට මිය යාමට බොහෝ කාලයක් ගත වන බවත්, එසේ ම උගේ මස් එතරම් කාලයක් පවතින්නේ නැති බවත්ය.

සූෆි ගුරුවරුනට හෝ නායකයන්ට හෝ නොවැදගත් ගෝලයන්ගෙන් කරදර පැමිණෙන්නේත් මේ විදියටයි.

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින් සහ නෑදෑයෝ’ කෘතියේ නවතම මුද්‍රණයෙනි.)

Post a Comment

0 Comments