ඒ විතරක් නෙවෙයි සන්නිවේදනයේ නියැළි වෘත්තිකයන් වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඇරඹුණු ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවට ද එතුමාගේ සහාය ඒ අයුරින් ම ලැබුණු බව මහාචාර්ය ජේ. බී. දිසානායකයන් මෙන් ම ඒ පාඨමාලාවට සකි‍්‍රයව දායක වූ එවකට ආරියදාස මහතා සමග ලේක්හවුසියේ එකට සේවය කළ ජ්‍යෙෂ්ඨ කතුවරයකු වූ දිවංගත ඞී. එෆ්. කාරියකරවන සූරීන් ද ප‍්‍රශංසා මුඛයෙන් මා සමග කීවා මතකයි. එපමණක් නොව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේත් ඒ වාගේ ම විවෘත විශ්ව විද්‍යාලයේත් ලේ්ඛකත්ව හා සන්නිවේදන පාඨමාලා ආරම්භයේ දීත් එතුමාගේ දායකත්වය නැතුව ම බැරි වුණා.
මීට වසර දශක පහකට පෙර එතුමා මා සමඟ කී කතාවක් මෙහි දී සිහිපත් කරන්නට කැමතියි. එදා අප දෙදෙනා සිරිත්පරිදි අප අයත් වූ පුවත්පත්වල දවසේ වැඩ අවසන් කොට ගෙදර යන ගමන් කොටුවේ පැගෝඩා හෝටලයේ දී පෝව්චියක් පුරා තේ රස විඳින අතරතුරදියි, මේ කතා බහ ඇති වුණේ. ඒ දවස්වල අපේ සහෝදර පත‍්‍රකලාවේදීන් කීපදෙනෙකු සය මසක පුහුණු පාඨමාලාවක් සඳහා එංගලන්තයට ගොස් සිටියා. ‘ඒ පුහුණුව අපට මෙහෙ දෙන්න බැරිද ?’ මා එතුමාගෙන් ඇසුවා. ‘බැරිකමක් නැහැ. අපට ඒ සඳහා ඕනැ තරම් දක්ෂ පත‍්‍රකලාවේදීන් මෙහේ ඉන්නවා. පන්ති කාමරයක නැතත් දැන් ඔහෙත් වැඩ කරන ගමන් ඉගෙන ගන්නව නොවැ. ඒත් අනාගතයෙදි මේ තත්වය තවත් වැඩි වෙලා පත‍්‍රකලාවේදීන්ට ලොකු ඉල්ලූමක් ඇති වේවි. මේ සඳහා වෘත්තීය පාඨමාලා ඇති කරන්නත් අපට සිද්ධ වේවි. ඒ විතරක් නෙවෙයි මෙය අපේ පාසල්වල විෂයයක් බවටත් පත් වේවි.’ වසර පනහකටත් පෙර එදා එතුමා කීවේ අනාගත වක්තෘවරයකු ලෙසයි.
කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් ‘සිංහල ඇසිමොෆ්’ කියාත් හඳුන්වා දෙන්නට මා කැමතියි. ඉසාක් ඇසිමෝෆ් කියන්නෙ විද්‍යාව සරල බසින් කියා දෙන්න පොත් රැසක් ලියපු විද්‍යාඥයෙක්. උපතින් රුසියන් ජාතිකයකු වුනත් ජීවත්වුණේ ඇමරිකාවේ. ලිව්වෙ ඉංගිරිසියෙන්. එතුමාට නිතර නිතර ලෝකයේ විශ්ව විද්‍යාලවලින් හා වෙනත් උසස් විද්‍යාස්ථානවලින් විශේෂ දේශන සඳහා ඇරයුම් ලැබුණා. බොහෝ විට එතුමාට දේශනයේ මාතෘකාව දැන ගන්න ලැබුණේ දේශනයට යන අතරතුරයි. ඕනෑම විෂයයක් යටතේ පෙර සූදානමක් නැතිව ඉතාමත් නිවැරදිව දත්ත දින වකවානු ඇතිව හරබර දේශනයක් පවත්වන්න ඇසිමෝෆ් කියන විද්‍යාඥයාට පුළුවන්. ආරියදාස මහත්තයටත් ඒ හැකියාව එහෙම ම තියෙන බව මා අත්දැකීමෙන් ම දන්නව. ඒ නිසයි මා එතුමා ‘සිංහල ඇසිමොෆ්’ කියා හඳුන්වන්නෙ. ඇසිමෝෆ් ලියනවා වගේ විද්‍යාව සරල බසින් ලියන්නත් එතුමා දක්ෂයි.
දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරන අතර ලේක්හවුසියේ අනෙක් පුවත්පත් කතුවරුන්ගේ ඉල්ලීම මත ඒ හැම එකකටම එතුමා ලිපි සැපයුවා. තමාගේ නමින් මෙන් ම ‘ජනක’ කියන අන්වර්ත නාමයෙන් ද එතුමා ඒවාට සැපයූ ලිපි දස දහස් ගණනක්.
පුවත්පත් කලාව, ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය, සාහිත්‍යය, විද්‍යාව, බුදුදහම ආදී කුමන ක්ෂේත‍්‍රයක වුවත් දෙන ලද ඕනෑම මාතෘකාවකට අනුව සිංහලෙන් හෝ ඉංගී‍්‍රසියෙන් එසැණ ලිපියක් ලියාදීමට හෝ දේශනයක් පැවැත්වීමට එතුමන්ට පුළුවන්. එසේ ම එය අවස්ථාවෝචිත පරිදි ග‍්‍රාහකයන්ට වැටෙහෙන ආකාරයට ඊට සුදුසු සරල නිරවුල් බස්වහරකින් කරන්නත් එතුමාට හැකියාව තියෙනවා. එවැනි හැකියාවක් ඇති තවත් අයකු මට නම් නම් කළ නොහැකියි.
භාෂා හා වාග් විශාරදයකු ලෙසත් ආරියදාස මහත්තයාගේ සේවය අපට, රටට, ලැබුණා. අපට නුහුරු අලූත් විෂයයක් හඳුන්වා දෙන හැම විට ම අලූත් සිංහල වචනත් ඒ සමග හඳුන්වා දුන්නා. පුවත්පත් කලාවේදීන් වශයෙන් අපට බොහෝ විට කාලයත් සමග සටන් කරන්නට සිදු වූ නිසා ඉංගී‍්‍රසි වදනකට සුදුසු නව සිංහල වදනක් තනා ගන්නට භාෂා විශාරදයන් හමුවීමට අවකාශයත් තිබුණේ නැහැ. ඒ ගැටලූ එසැණින් විසඳා ගැනීමට අපට හැම විට ම උදවු ලැබුණේ එතුමාගෙන්.
වරක් පුස්තකාලවේදය හැදැරූ විද්‍යාර්ථින් පිරිසක් වෙනුවෙන් පැවති සමුළුවක දී නාලක ගුණවර්ධනයන් ගෙන හැර පෑ උදාහරණයක් මෙහිදී මගේ මතකයට නැෙඟනවා. ‘ඉස්සර කාලයේ අපට අද වාගේ ඉන්ටර්නෙට් එකෙන් දැනුම ලබා ගන්න පිහිට වෙන්න සෙවුම් යන්ත‍්‍ර තිබුණේ නැහැ.එකල අපේ පිහිටට ආ ”සෙවුම් යන්ත‍්‍ර” වුණේ එඞ්වින් ආරියදාස මහතා වැනි අයයි.’
ආචාර්ය එඞ්වින් ආරියදාස සූරීන් දසක හයකට වැඩිකාලයක් තිස්සේ මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත‍්‍රවල පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. අපේ රූපවාහිනි මාධ්‍යය ආරම්භයේ දී වගකිවයුතු පෘථුල කි‍්‍රයාදාමයකට දායකත්වය සැපයූ එතුමා ඇති අතර තවමත් ඒ කාර්යය පෙර සේ ම පවත්වා ගෙන යනවා.
මීට දසක පහකට පමණ ඉහත දී මා තරුණ පුවත්පත් කලාවේදියකු වශයෙන් ‘සරසවිය’ පුවත්පතෙහි සේවය කරද්දී මහනුවර කටුගස්තොට අන්තෝනි විදුහලේ පැවති සිනමා සමුළුවකදී දේශනයක් සඳහා ඇරයුමක් ලැබුණා. මට ලබා දී තිබුණු මාතෘකාව ‘අනාගතයේ සිනමාවට පිවිසෙන තරුණයන් හමුවේ එල්ලවන අභියෝග’ යන්නයි. කවදත් නව විශේෂාංගයක් ලිවීමේදී ආරියදාස මහතාගෙන් විමසීමේ පුරුද්දක් මා වෙත තිබුණා. ඒ අනුව මා ඒ මහතාගෙන් උපදෙස් පැතුවා. එතුමා ගත් කටට ම කීවේ ‘අනාගතයේ සිනමාවට එල්ලවන අභියෝගය රූපවාහිනියයි, වීඩියෝ කැමරාවයි. ඒ ගැන කතා කරන්න. අද තරුණයන් මේ දැන් සිට ම ඊට සූදානම් වෙන්න ඕනෑ.’ කියායි.
මා ඒ පිළිබඳව එවකට අප සමග ලේක්හවුසියේ එකට සේවය කළ තවත් ජ්‍යෙෂ්ඨයකු වූ බෙනඩික්ට් දොඩම්පෙගම මහතාට කී විට ඒ මහතා මා කැටුව ඇමෙරිකානු කාර්යාලයට ගොස් වීඩියෝ කැමරාවක් කි‍්‍රයා කරන හැටි දැක ගැනීමට ඉඩ සලසා දුන්නේ ය. ඒ වන විට මෙරටෙහි වීඩියෝ කැමරාවක් තිබුණේ එහි පමණයි. සිනමා කැමරාවේ මෙන් නොව වීඩියෝ කැමරාවට නැඟූ විට ඒවා ඒ මෙහොතෙහිම නැරඹිය හැකි බව කී විට මීට දසක පහකට පමණ පෙර එය අසා සිටි පේ‍්‍රක්ෂකයන් මවිතයට පත් වුණා. එදා ආරියදාස මහතා මා දැනුවත් කළ ආකාරයට ම අප සේවය කළ පුවත්පත්වලටත් මේ නව ප‍්‍රවණතා ගැන විශේෂාංග සැපයුවා. රූපවාහිනිය අප අතරට ආවේ ඉන් බොහෝ කලකට පසුවය.
රූපවාහිනියේ ආගමනයත් සමග ආරියදාස මහත්තයගේ දැවැන්ත සෙවණැල්ල මුද්‍රිත මාධ්‍ය මතට පමණක් නොව විද්‍යුත් මාධ්‍ය මතටත් වැටුණා. එය මුලින් ගුවන් විදුලි මාධ්‍යයටත් පසුව රූපවාහිනී මාධ්‍යයටත් විහිදුණා. මෙරට රූපවාහිනිය ආරම්භයේ දී ම සන්නිවේදකයන් පුහුණුවට එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණා.
ශී‍්‍ර ලංකාවේ රූපවාහිනිය ආරම්භ වීමට ප‍්‍රථම ඒ පිළිබඳ විධිමත් න්‍යායික හා ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නට ශී‍්‍ර ලංකාවට ආ විශේෂඥයා වූයේ කැනේඩියානු ජාතික වෝනර් ට්‍රෝයර් මහතායි. ඔහුගේ ඇරයුම පරිදි ඒ කටයුත්තට ආරියදාස මහත්තයත් එක් වුණා මට මතකයි. මෙරට රූපවාහිනී ඉතිහාසයේ ප‍්‍රථම රූපවාහිනී සාකච්ඡුාව සේ සැලකිය හැකි වැඩසටහනට ආරියදාස මහතා දායක වූයේත් ට්‍රෝයර් මහතාගේ මෙහෙයවීම මතයි. 1980 දී රොනල්ඞ් රේගන් මහතා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත් වූ අවස්ථාවේ නව ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡුාවක් ඒ මංගල වැඩසටහනට ඇතුළත් වුණා. සාකච්ඡුාව පැවතියේ ට්‍රෝයර් මහතා හා ආරියදාස මහතා අතරයි. ඒ වන විට මෙරට රූපවාහිනි චිත‍්‍රාගාර නො තිබූ නිසා ට්‍රෝයර් මහතා එදා ඒ වැඩසටහන පටිගත කළේ ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට විශේෂ තැනක් පසුතලයක් සේ සකස් කොට යොදා ගෙනයි. ඒ වන විට ජාතික රූපවාහිනිය ආරම්භ කර නො තිබූ නිසා එය විකාශය කෙරුණේ එවකට තිබූ එකම නාළිකාව වූ ස්වාධීන රූපවාහිනිය මගිනුයි.
ඉන් පසුව ශී‍්‍ර ලංකාවේ අමාත්‍යවරයකු සමග ප‍්‍රථම සම්මුඛ සාකච්ඡුාව පැවැත්වීමේ වරම හිමි වූයේත් ආරියදාස මහත්තයටයි. එම සාකච්ඡුාව පැවැත්වූයේ ‘වර්ල්ඞ්වීව් ජාත්‍යන්තර පදනම් ගොඩනැගිල්ලේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ තැනකයි. එවකට ප‍්‍රවෘත්ති හා ගුවන්විදුලි රාජ්‍ය අමාත්‍යවරයා වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතාට මෙන් ම ආරියදාස මහතාට ද එය අලූත් අත්දැකීමක් වුණා. ඒ මංගල වැඩසටහන පටිගත කිරීම සඳහා ඒ දෙදෙනාට ම අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ එවකට වර්ල්ඞ්වීව් ජාත්‍යන්තර පදනමේ මහ ලේකම් ව සිටි අර්නි ෆියර්ටෝෆ්ට් මහතායි.
‘එඞ්වින් ආරියදාස’ ලෙසින් මුළු ලොව ම හඳුනන එතුමා උපන්නේ 1922 දෙසැම්බර් 3 වැනිදා දකුණු සිරිලක උණවටුන ග‍්‍රාමයේ දී ‘විජයතුංග කරුණාරත්න එඞ්වින් ආරියදාස’ යන නමිනුයි.
පුවත්පත් කලාවේදීයකු වශයෙන් පුවත්පත් සඟරා තුළින් දසක හතක් ම සෑම ක්ෂේත‍්‍රයකින් ම ඉංගී‍්‍රසි හා සිංහල දෙබසින් ම ජනතාවට නොමසුරුව දැනුම බෙදා දුන් එතුමා මේ අනූහය වසර සමරන මේ මෙහොතේදිත් ඒ කාර්යයේ පෙර සේ නොපසුබට ව යෙදෙනවා.
ආරියදාස මහත්තය අනුපස් විය සපිරූ වේලේ එතුමා වෙනුවෙන් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අතින් ලියැවුණු එඞ්වඞ් ජයකොඩි ගැයූ නවරත්න ගමගේ තනු නිර්මාණය කළ අභිනන්දන ගීතයේ මුල් කොටසින් මේ ලිපිය අවසන් කිරීමට මා කැමතියි.
සකල කලා ශිල්ප නෙලා
රටට බෙදූ පින් වළඳා
සියක් ආයු ලබන මැනවි
පිහිටෙන් මුණි සිරි දළදා
ආරියදාස එඞ්වින් සිරිමතාණෝ
සකල කලා වන්දිත පින්වතාණෝ
-පර්සි ජයමාන්න
0 Comments