එය හය වතාවකට වඩා සිංහලට නගා තියෙනවා. එච්. ජී. ආනන්ද ගුණසේකර (1959), හෙට්ටිගේ බැස්ටියන් (1970), කේ. බී. සුගතදාස (1984), මාධව වෛද්‍යරත්න (1989), කුසුම් දිසානායක (1992), එඞ්මන් ජයසූරිය (2009) ඒ පරිවර්තකයන් හය දෙනායි.
රබීන්ද්‍රනාත් තාගෝරයන් ජාත්‍යාලය නංවන, ජාතික අභිමානය ඇති කරන ගී රැුසක් ගියා තියෙනවා. අපේ ජාතික අභිමානය දනවන ගී බොහොමයකටම රවීන්ද්‍ර සංගීතයේ ආභාසය ලැබී තියෙනවා. ඒවා රචනා කළ බොහෝ දෙනෙකු තාගෝරයන්ගේ ශාන්තිනිකේතනයේ අධ්‍යාපනය ලැබූ අයයි. ඒ අය අතරින් අපේ ජාතික ගීය නිර්මාණය කළ ආනන්ද සමරකෝන් කැපී පෙනෙනවා. අපේ වර්තමාන ගීත සාහිත්‍යයටත් තාගෝරයන්ගේ ගීත සම්ප‍්‍රදාය බලපෑ බව මගේ අදහසයි.
1871 මැයි 7 වැනිදා උපන් තාගෝරයන් 1941 අගෝස්තු 7 වැනිදා මෙලොව හැර ගියා, ඒ කෝල්කටාවේ ඔහු උපන් නිවසේ දීමයි. ඒ වන විට ඔහුට වයස අවුරුදු 80ක්.
ඔහුගේ නිර්මාණ දිවිය ඇදහිය නොහැකි තරම් නිර්මාණවලින් පොහොසත් එකක් වුණා. ඔහුගේ නිර්මාණ පරාසය අතරට, කවි, නවකතා, කෙටිකතා, නාට්‍ය, රචනා පමණක් නොව ළමා සාහිත්‍ය නිර්මාණ ආදිය රාශියක් ඇතුළත් වුණා.
ඔහු ගීත පමණක් දෙදහසකට වැඩිය ලීවා, දිය සායම් චිත‍්‍ර 1800කට වැඩිය ඇන්දා.
ගිතාංජලියේ එන ඔහුගේ නිර්මාණයක් අපේ වූ හැටි බලන්න.
රබීන්ද්‍රනාත් තාගෝරයන් ගේ බෙංගාලි ගීතාංජලියේ එන 35 වැනි ගීතය ‘චිත්තෝ ජේතා භායිශූන්‍යෝ’ (Where the mind is without fear) නම් ගීතයේ තාගෝරයන් විසින්ම කරන ලද ඉංගී‍්‍රසි පරිවර්තනය මෙසේයි.
Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls; Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action---
Into that heaven of freedom, my Father, let my country awake.
(Verse 35, Geethanjali)
මේ විචිත‍්‍ර පද්‍යය අපේ සාහිත්‍යයට එක් වී ඇත්තේ ඒ තරම්ම විවිධ විචිත‍්‍ර ආකාරයටයි.
කුසුම් දිසානායකගේ පරිවර්තනයෙහි එය දැක්වෙන්නේ මෙයෙමයි
බියෙන් තොර මනසකින්
හිස කෙළින් තබා ගත්,
දැනුම නිවහල්ව ඇති
බිමක් ඇත්තේ යම් තැනෙක්හි ද
පටු පවුරු ගොඩ නැගී
ලොව කැබලි නොවී ඇති,
සත්‍යයේ පත්ලෙන් ම
වදන් මුව නැගී එන
බිමක් ඇත්තේ යම් තැනෙක්හි ද
වෙහෙස නොහඳුන දෙඅත්
සුසැදි බව වෙත යොමන,
මළ පුරුදු මරු කතර වැලි අතර
තර්කයේ දොළ පහර නොසැඟවුණු
බිමක් ඇත්තේ යම් තැනෙක්හි ද
පියාණනි, ඔබ විසින්
නිබඳ ව ම පුළුල් වන
හැඟුම් මනසට රුවා
හැකියාව පල දරා
සිත් පෙරට යොමු කෙරෙන,
එවන් නිවහල් සුර ලොවක් වෙත
මගේ රට නිති පුබුදු වනු මැන.
මාධව වෛද්‍යරත්නගේ පරිවර්තනයෙහි ඒ ගීය එන්නේ මෙහෙමයි.
බියෙන් සැකෙන් තොරඑඞ්මන් ජයසූරිය ඒ පද්‍යය පරිවර්තනය කර ඇත්තේ මෙහෙමයි.
සිතක් පවතිනුයේ
කො තනැකද.....................?
නො බියව හිස ඔසොවා
සිටිනු හැකි
කො තනැකද.....................?
නිදහස් නිවහල් චින්තනය පිබිදෙනුයේ
කො තැනකද.....................?
පටු සිතුම් පවුරින්
ලෝකය කඩ කඩව නො යනුයේ
කො තනැකද.....................?
අපරිමිත සත්‍යයේ පතුළින්
නැඟ එන වදන් වැල් හැඬැවෙනුයේ
කො තනැකද.....................?
අනලස් දිරිය
පරිපූර්ණත්වය දෙස
දෑත් දිගු කර සිටිනුයේ
කො තනැකද.....................?
පිරිපුන් දැක්මේ
සුනිල් පලිඟු දිය දහර
අප‍්‍රාණික නිරුදක කතර මැද
දූලි සුණු තුළ සැඟව නො යනුයේ
කො තනැකද.....................?
නිබඳව ම පුළුල් වන
චින්තනයෙන් කි‍්‍රයාශීලිත්වයෙන්
සිත ඉදිරියට තෙරපනුයේ
කො තනැකද.....................?
එවන්
නිදහසේ සුර විමනක් ලෙසට
පියාණෙනි...........................?
මාගේ දේශය
අවදි කරනු මැන!
සිත බියෙන් තොරව අබිමන් වූයේ කොහිද
දැනුම ස්වාධීන වූයේ කොහිද
පටු දේශජ කල්පනා නම් පවුරු පදනම් මගින්
ලෝකය භින්න නොවූයේ කොහිද
සත්‍යයේ පත්ලින් අදහස් ප‍්‍රකාශ වනුයේ කොහිද
අප‍්‍රතිහත ධෛර්යය සිය දෑත්
පරිපූර්ණත්වය විහිද වනුයේ කොහිද
බුද්ධියේ පරිශුද්ධ ප‍්‍රවාහය
යල්පිනූ සම්ප‍්‍රදාය නම් හුදෙකලා වැලි කතරේ
මංමුළා නොවූයේ කොහිද
නරතුරුව පුළුල් වන පරිකල්පනය හා කාර්යශූරත්වය කෙරෙහි
ඔබ විසින් සිත මෙහෙයවනුයේ කොහිද
ඒ නිදහස් ස්වර්ග රාජ්‍යයට
මාගේ රට අවදි කළ මැන පියාණනි!
ඒ ගීයම මහගම සේකරගේ ගීත නිර්මාණයක් ලෙසින් ආවේ මෙහෙමයි.
පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
සත්‍යය පතුලින් ගලනා
පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දැත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා
යුතුකම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
අමරදේව ගයන ඒ ගීය මෙතැනින්
1 Comments
ගීතාංජලියට නොබෙල් සම්මානය ලැබුනා කීම වැරදියි, සාහිත්‍යය පිළිබද නොබෙල් සම්මානය ලැබෙන්නෙ ඔහුගේ හෝ ඇයගේ මුලු නිර්මාණ සියල්ලේම සාර්ථකත්වයට
ReplyDelete