HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හයිබි‍්‍රඞ් හෝ විදුලි මෝටර් රථ ශරීරයට අහිිතකරද? පිළිකා ඇති වීමේ අවදානම වැඩිද?

විදුලි මෝටර් රථ හෙමින් සීරුවේ, නිහඬව, ලෝකයේ රථගාල්, ගරාජ, වීදි, නගර ආදියට දැන් රිංගා ඇති බව පැහැදිලියි. එසේම මහ මග දීද නිතර අපට ඒවා හමුවෙයි. පැට්‍්‍රල් හා විදුලි මිශ‍්‍ර හයිබි‍්‍රඞ් කාර්වලින් පසු මුළුමනින්ම විදුලියට හැරෙන දිනය වැඩි ඈතක නොවන බව දැන් පැහැදිලියි.

ගහකොළවලට, පරිසරයට හරිම හිතරකර වුනත් මේ විදුලි මෝටර් රථ එය පදවන්නන්ට හා ඒවායේ යන එන අයට එහි ජනිත වන චුම්බක ක්ෂේත‍්‍රය අහිතකර ද යන්න පිළිබඳ ගැටලූවක් මතු වුණා.

මේ පිළිබඳව රටවල් හතක් යොදා ගෙන කළ අධ්‍යයනයකදී ලැබුණු කරුණු අනුව විදුලි මෝටර් රථවලින් මිනිස් සිරුරට අහිතකර මට්ටමට විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රයක් ජනිත නොකෙරෙන බව හෙළි වුණා.

 
විදුලි මෝටර් රථ දැන් අපේ රටේ මහා මාර්ගවලට වැඩි වැඩියෙන් අවතීර්ණ වෙලා! සමහර අය දැන් බියට පත්වෙලා තියෙනවා ඒවායෙන් ජනිත වන විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රය මිනිස් සිරුරට අහිතකරයි කියලා!

හයිබි‍්‍රඞ් හා විදුලි මෝටර් රථවල විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රවල අවදානම ගැන අන්තර්ජාලය හරහා සාකච්ඡුාවට ගැනුණේ ඒ ගණයේ පළමු මොටෝ රිය පාර දමපු මොහොතේ සිටයි.

හයිබි‍්‍රඞ් රියක විදුලි දහරාව ගලා යන මෝටරය අවට විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රයක් (EMF) ගොඩ නැගෙනවා.

මෙවැනි විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර නිසා බරපතල සෞඛ්‍ය ගැටලූ ඇති කරන බව අධ්‍යයන ගණනාවකින් පෙන්වා දි තියෙනවා. ඒවා අතර පිළිකා අවදානමක් ඇති බවයි කියැවෙන්නේ. මෙය කාන්තාවන්ගේ ගබ්සාවීම් හා ළමයින් තුළ ලියුකේමියාව ඇති වීමේ අවදානම වැඩි බවයි ඒවායින් හෙළිදරවු වන්නේ.

හයිබි‍්‍රඞ් කාර්වල බැටරි හා බලය සපයන කේබල රියැදුරු අසුනටත් එහි යන මගීන් හිඳිනා තැන්වලටත් ආසන්නව ඇති නිසා ඒවායින් ඇති කෙරෙන විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රවලට දිගු කාලයක් අනාවරණය වීම නොවැළැක්විය හැකියි.

 
විදුලි මෝටර් රථවල විද්යුත් චුම්බක අනාවරණය වැඩියෙන් ම ඇත්තේ බිම් මට්ටමේයි. ඒ බැටරිය අසලයි. එය ඇති වන්නේත් රථය පණ ගන්වන මොහොතෙදියි. මේ හැම අවස්ථාවක දීම විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රයට අනාවරණය වීම සියයට 20කටත් වඩා අඩු අගයක් ගන්නවා. නිරයණීකෘත විකිරණ ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික කොමිසම විසින් ආරක්ෂා සහිත විද්යුත් ක්ෂේත‍්‍ර අනාවරණ මට්ටම ලෙස දක්වා ඇත්තේ සියයට 20යි.

විදුලි මෝටර් රථ අවට ආරක්ෂක තත්වය කෙබඳුද?

හයිබි‍්‍රඞ් හා විදුලි මෝටර් රථවල ධාවනයේ දී ඒවායේ මෝටරවලට යැවෙන විදුලි දහර නිසා විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රයක් (EMF) ඇති වෙනවා.

මෙවැනි විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර ඇති වීම පිළිකා අවදානම, ගබ්සා වීම්, විෂාදය, ළමයින් අතර ලියුකීමියා ඇති වීමේ අවදානම වැනි බරපතල සෞඛ්‍ය ගැටලූ පැන නගින බව අධ්‍යයන ගණනාවකින් හෙළිදරවු වී තිබෙනවා.

හයිබි‍්‍රඞ් හා විදුලි මෝටර් රථවල බැටරි හා එයින් බලය සැපයෙන කේබල බොහෝ විට ඇත්තේ රියැදුරා හා මගීන් ඉන්නා ආසන්නයේයි. මේ නිසා දිගින් දිගටම විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රයකට අනාවරණය වී නොවැළැක්විය හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සමහර අයට සිය නිවෙස්වල ඇති පහළ මට්ටමේ විද්යුත් චුම්බක අනාවරණය වීම්වලටත් විසුරුණු රෝග ලක්ෂණ ගණනාවක් ඇති වී තියෙනවා.

වාර්තා වී ඇති අන්දමට, ඒ චුම්බක ක්ෂේත‍්‍ර නිසා බරපතල සෞඛ්‍ය ගැටලූ පැන නගින බව අධ්‍යයන ගණනාවකින් හෙළිදරවු වී තිබෙනවා. ඒ වාර්තාවලට අනුව, හිසරදය, විෂාදය, පිළිකා අවදානම, ගබ්සා වීම්, ළමයින් අතර ලියුකීමියා ඇති වීමේ අවදානම වැනි රෝග තත්වයන් විදුලි මෝටර් රථ නිසා ඇති වෙතැයි බියක් පළ වුණා.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතට වාර්තාවක් සපයමින් ජිම් මොටවල්ලි කියා ඇත්තේ මේ අවදානම ගැන දැන ගත් හයිබි‍්‍රඞ් වාහන හිමියන් තම තමන්ගේ කාර්වල විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රය අතේ ගෙන යන මීටර මගින් පරීක්ෂා කළ විට ඒවා අනතුරුදායක මට්ටමින් පැවති බව හෙළි වීමෙන් බියට පත්ව සිටින බව කියා තිබුණා.

නමුත් පසුව නෝර්වේ සින්ටෙෆ් (Sintef) ආයතනය මගින් කරන ලද පරීක්ෂණයකට අනුව එය එතරම් බරපතල මට්ටමකින් නැති බව හෙළිදරවු වුණා.

 
හයිබි‍්‍රඞ් මෝටර් රථයක් හෝ විදුලි මෝටර් රථයක් හෝ ධාවනය කිරීමට එහි මෝටරවලට යැවෙන විදුලි දහර නිසා ඒ අවට විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රයක් ගොඩ නැගෙනවා. මෙවැනි චුම්බක ක්ෂේත‍්‍ර නිසා, පිළිකා අවදානම, ගබ්සා වීම්, විෂාදය, ළමයින් අතර ලියුකීමියා ඇති වීමේ අවදානම වැනි බරපතල සෞඛ්‍ය ගැටලූ පැන නගින බව අධ්‍යයන ගණනාවකින් හෙළිදරවු වී තිබෙන නිසා විදුලි මෝටර් රථ නිසා මෙවැනි තත්වයක් ඇති වෙතැයි බියක් පළ වුණා.

ඔවුන් විසින් පරීක්ෂා කළා එකිනෙකට වෙනස් විදුලි මෝටර් රථ හතක්, හයිඞ්රජන් බලයෙන් ධාවනය වන කාරයක්, පැට්රල් ඉන්ධනවලින් දුවන රියක් හා ඩිසල් කාරකෙක්. රසායනාගාර තුළත් මහමග ධාවනයේදීත් ඒවායේ විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර (EMF) අනාවරණය වීම් මැන බැලූවා.

විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර අනාවරණය වීම් වැඩියෙන් ම පැවතියේ බිමට ආසන්නව හා වාහනය පණ ගන්වන අවස්ථාවේදී බැටරි අසල බව ඒ පරීක්ෂණවලින් හෙළි වුණා.

ඒ හැම අවස්ථාවකම විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර අනාවරණය වීම්, අයනීකෘත නොවන විකිරණශීලී ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික කොමිසම (ICNIRP - International Commission on Non-Ionising Radiation Protection) විසින් ආරක්ෂා සහිත යැයි නියම කළ අගය වූ සියයට 20කට වඩා අඩු බැව් පෙනී ගියා.

සංවේදී උපකරණවලින් ගන්නා ලද එකම මට්ටමක තිබුණා, වාහනය පණ ගන්වන අවස්ථාවේ දී පමණක්. ඩමි යොදා ගෙන හිස, පපුව, දෙපා අසල ගන්නා ලද මිනුම් හැම විටම නියමිත අනුමත ප‍්‍රමාණයට වඩා සියයට දෙකක් අඩුවෙන් තමයි සටහන් වුණේ.

පැට්රල් හා ඞීසල් කාර්වල ඇති වන විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර මට්ටම සියයට 10ක් ලෙසයි, සැලකෙන්නෙ. ඒ ප‍්‍රමාණය ආරක්ෂා සහිතයි, කියලයි කියන්නෙ.

සෙන්ටිෆ් හෞතික විද්‍යායතනයේ කාරි ස්ජෝල්බර්ග්-හෙන්රික්සන් නම් කියන්නේ ඒ වායේ අනතුරුදායක තත්වයන් ගැන බියක් ඇති කර ගැනීමට හේතුවක් නැති බවයි.

Post a Comment

1 Comments

  1. පොතක් හදන්න ගොඩක් ප්‍රයෝජනවත් වුණා ලිපිය. බොහෝමත්ම ස්තූතියි෴෴ ජය!!

    ReplyDelete