ජර්මනියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් නිපදවා ඇති මේ නව අධිතාක්ෂණික අත් ආවරණය මගින් පුළුවන් යතුරු පුවරුවේ එහෙමත් නැත්නම් කී බෝඞ් එකෙන් වන කාරිය ඉටු කර ගන්න. ඔබ අහසේ ලියන දේ ඒ අත් ආවරණයට පුළුවන් කියවන්න. කියවා පරිගණකයට ඇතුළත් කර ගන්න.
මේ ක‍්‍රමයෙන් ඉතා පහසුවෙන් කෙටි පණිවිඩ යවන්න පුළුවන්. පරිගණකය හා ජංගම දුරකතනය භාවිත කරන අයට අන්තර් ජාලය හරහා ඉක්මනින් ගනුදෙනු කරන්න හැකියාව ලැබෙනවා.
මේ අධිතාක්ෂණික අත්වැස්මේ ඇති සූක්ෂම සංවේදකවලින් පුළුවන් ඔබ අහසේ ඇඟිල්ලෙන් ලියන අකුරු හඳුනා ගන්න. අකුරු ලියන්නට ඇඟිල්ල චලනය කරන ආකාරය අනුවයි, මේ ක‍්‍රමය වැඩ කරන්නේ. අතින් හා ඇඟිලිවලින් කරන වෙනත් දෑවලින් අකුරු ලිවීම වෙන් කර ගන්නට හැකියාව ඇති සුවිශේෂ මෘදුකාංගයක් මේ අත්වැස්මට ඇතුළත්.
මේ අතිතාක්ෂණික අත්වැස්ම පැලඳ ගත්තාම එයට පුළුවන් ඔබ පෑනෙන් ලියනවා වාගේ අහසේ කරන චලනය කියවන්න. මේ ක‍්‍රමය හැඳින්වෙන්නේ ‘අහසේ ලිවීම’ කියායි. මෙහි නිර්මාපකයන් කියන්නේ අනාගතයේ දී මේ මෙවලම මීට වඩා කුඩා කර රෙද්දක වියමනක් සේ ඇතුළත් කළ හැකි බවයි.
මේ නව මෙවලම ගූගල් ආයතනයේ නව නිපැයුමක් වූ මේ ‘ගූගල් ග්ලාස්’ (Google Glass) හෙවත් ගූගල් ඇස් කන්නාඩි පරිගණකයටත් ඇතුළත් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මේ ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් පසුගියදා ලබා දුන්නා.
ඔබට මතක ඇති පෙබරවාරි 23 දා අප ‘මල් කැකුළු’ තුළින් ලොව ප‍්‍රථම පලඳින පරිගණකය ගැන කීවා. ඒ ‘ගූගල් ග්ලාස්’ (Google Glass) හෙවත් ගූගල් ඇස් කන්නාඩි පරිගණකයයි. එය ගූගල් ආයතනයේ නව නිපැයුමක්. මේ විස්මිත අහසේ ලිවීමේ ක‍්‍රමය ඔවුන්ගේ ඇස් කන්නාඩි පරිගණකයටත් යොදා ගන්න ඔවුන් දැනටමත් තීරණය කරලා. ඒ වෙනුවෙන් මේ ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් පසුගියදා ලබා දුන්නා.
එය කි‍්‍රයා කරන්නේ මෙහෙමයි.
මේ තුනී අත්වැස්මට සවිකර ඇති, වේගයෙන් කි‍්‍රයා කරන සංවේදක හා විභ‍්‍රමේක්ෂ (gyroscopes) මගින් තමයි, මෙය පාවිච්චි කරන්නාගේ අතේ චලනයන් හඳුනා ගන්නේ.
‘අහසේ ලිවීම‘ යනුවෙන් නම් කළ ක‍්‍රමයට ඔබ ඒ අකුරු ලියද්දීම ඒ අකුරු විකේතනය කොට රටා හඳුනා ගැනීමේ ක‍්‍රමය මගින් ඒවා හඳුනා ගන්නවා.
මේ මෙවලම තුළ ගබඩා කර තියෙනවා, සංඛ්‍යාත්මක ව, සෑම අකුරකටම අයත් සංඥා රටාවක්. ඒවා මගින් තමයි, අකුරු හඳුනා ගන්නේ. එසේ හඳුනා ගෙන වදන් සැකසීම පරිගණකය තුළ සිදු කෙරෙනවා. කල්යාමේ දී පාවිච්චි කරන්නාගේ අකුරු ලියන ක‍්‍රමය පහසුවෙන් හඳුනා ගන්නට හැකි වන ආකාරයට හැඩ ගැහෙන්නත් මෙයට පුළුවන්.
නිර්මාපකයන් කියන්නේ මෙය භාවිත කිරීමෙන් කෙටි පණිවිඩ හා ඊමේල් යැවීමට වඩාත් පහසු වන බවයි.
‘මේ අහසේ ලියන අත්වැස්ම මගින් අකුරු ලිවිය යුත්තේ අදිසි පුවරුවක හෝ ලියන පෑඩයක සටහන් කරන ආකාරයටයි.’ කියා මේ නිර්මාණය බිහි කිරීමට මුල් වූ කි‍්‍රස්ටෝෆ් අමා (Christoph Amma) කියනවා. ජර්මනියේ කාල්ෂ්රූ තාක්ෂණික ආයතනයේ අධ්‍යයනයේ යෙදෙන ඇය මේ සංකල්පය ඉදිරිපත් කළේ ඇගේ ආචාර්ය උපාධිය සඳහායි.
මේ තාක්ෂණය වැඩි දියුණු කොට, වැඩාත් සූක්ෂම කොට, ඕනෑම තැනකදී භාවිත කළ හැකි වන සේ ඇඳුමක රෙද්දටම එකතු වන කර ගන්න පුළුවන් කියලයි, ඇය කියන්නේ.
‘මෙය ඉතා ඉක්මනින් අපේ එදිනෙදා ජීවිතය සමග බද්ධ වේවි’ ඇය විශ්වාසයෙන් යුතුව කියනවා.
‘අතින් හා ඇඟිලිවලින් කරන හැම කි‍්‍රයාවක් ම අකුරු ලියනවාට සමාන නැහැ. ඒ නිසා ඒවා වෙන් කර ගන්න හැකි මෘදුකාංගයක් මෙහි තියෙනවා. ඒ මගින් ඒවා අත්හැර අකුරු විතරක් වෙන් කර ගන්න පහසුවෙන් පුළුවන්.’ අමා කියනවා.
මේ අත්වැස්මේ මූලාකෘතියට සංවේදක රැුසක් එක් කර තියෙනවා. එහෙත් මෙය ඉතා සූක්ෂම ප‍්‍රමාණයෙන් නිමවා ඇඳුමක රෙද්දකටම වියමනක් ලෙස ඇතුළත් කිරීමටයි, නිර්මාපකයන් අපේක්ෂා කරන්නේ.
දැනට මේ ක‍්‍රමයට වචන 8,000 වදන් මාලාවක් හඳුනා ගත්තෑකි. හැබැයි දැනට මේ ක‍්‍රමයේ දී අකුරු ලියන්න වෙන්නේ කැපිටල්වලින් විතරයි.
‘මේ ක‍්‍රමයේදී මුලදී වැරදී යාමේ අනුපාතය සියයට 11ත් පමණ වෙනවා. භාවිත කරන්නාගේ අකුරු ලියන රටාවට හුරු වුණාට පස්සේ මේ වැරදී යාමේ අනුපාතය සියයට 3ක් දක්වා අඩු කර ගත හැකි වේවි.’ කි‍්‍රස්ටෝෆ් අමා කියනවා.
මේ නව සංකල්පය සංවර්ධනය කරන්නට ‘ගූගල් විශ්ව විද්‍යාල පර්යේෂණ අරමුදලෙන්’ ඩොලර් 81,000ක මුදල් ප‍්‍රදානයක් කි‍්‍රස්ටෝෆ් අමාට ලැබුණා. ඔවුන් බලාපොරොත්තු වෙනවා, ඔවුන්ගේ ගූගල් ඇස් කන්නාඩි පරිගණකයටත් මේ නව ක‍්‍රමය යොදා ගන්නට.
මේ අත්වැස්මේ මූලාකෘතියක් දැන් සකස් කර තියෙනවා. එය ප‍්‍රමාණයෙන් විශාලයි, සංවේදක රැුසක් එක් කර තියෙන නිසා. එහෙත් මෙය ඉතා සූක්ෂම ප‍්‍රමාණයෙන් නිමවා ඇඳුමක රෙද්දකටම වියමනක් ලෙස ඇතුළත් කිරීමටයි, අමා අපේක්ෂා කරන්නේ.
ඒ ගැන අමා කියන්නේ මෙහෙමයි: ‘මේ වගේ ක‍්‍රමයක් පරිගණකය හා බද්ධ කළා ම අතේ කිසිම උපකරණයක් අතේ ගෙන යාම අවශ්‍ය වන්නේ නැහැ.’
අමා ඇතුළු විද්‍යාඥයන් දැන් වෙහෙසන්නේ, අතින් අහසේ ලියන අකුරු වඩාත් නිවැරදිව හඳුනා ගන්නට හැකි, ප‍්‍රමාණයෙන් ඉතා සූක්ෂම වූත් මෙවලමක් බවට පත් කරන්නයි.
‘වානිජ පරමාර්ථ අනුව මෙහි ප‍්‍රමාණය හුඟක් කුඩා කළ හැකියි. වැඩියෙන් කැපී නොපෙනෙන පරිදි අතේ බැඳිය හැකි පටියක් සේ මෙය තැනිය හැකියි.’ අමා අවසාන වශයෙන් කියනවා.
2 Comments
මල් කැකුලු මේ වගේ දේවල් කියලා අපිව දැනුවත් කරලා තියෙන එක හොඳයි. නැත්තං අපේ පොඩි වුන් ලොකු වෙලා උන් අහසේ අඳිද්දි අපිට හිතෙන්න පුලුවනි “දැන් කාලේ හැදෙන ළමයිට තරුණ කාලෙදිම මොලේ අමාරුව හැදිල“යි කියලා.
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවෙ. සෙන්නගේ ඔත්තුවකට. කැල් එක හින්දා මිනිස්සුන්ගේ ගණිත හැකියාව දුර්වල උණා වගේ ලිවීමේ හැකියාවටත් එහෙම වෙයිද දන්නෙ නෑ. හැබැයි මේ සොයා ගැනීමනම් හොඳ සොයා ගැනීමක්.
ReplyDelete