දැන් ලොව පුරා පර්යේෂකයන් නොපෙනී යන උපක‍්‍රම බිහි කරන්නට අත්හදා බැලීම් කරනවා. එදා හැරී පොටර් විශේෂ ඇඳුමක් ඇඳ නොපෙනී යාමෙන් හැරී පොටර් ලෝලයන් තුළ හැබෑවටම එවැන්නක් ඇතැයි හැඟීමක් ඇති වුණා පමණක් නොව විද්‍යාඥයන් තුළ එවැනි දෙයක් සැබැවින්ම නිපදවිය හැකි යැයි හැඟීමක් ඇති වුණා. නවකතාවට හා සිනමාවට විතරක් සීමා වුණු ඒ සිහිනය හැබැ කරන්නට ඔවුන් උත්සාහ කළා.
දැන් එහි ප‍්‍රතිඵල ලැබිලා තියෙනවා. සැබෑ ජීවිතයේදීත් මේ විස්මිත දෙය අත්විඳින්නට ඔබටත් ළඟදීම අවස්ථාවක් ලැබේවි.
මුලින් ම මේ පිළිබඳ වාර්තා වුණේ එංගලන්තයේ ඩියුක් (Duke University) විශ්ව විද්‍යාලයෙන්. සැබෑ ජීවිතයේ නොපෙනී යා හැකි ‘අබිරහස් ලෝගුවක්’ එහි පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා ඇති බව පසුගියදා හෙළිදරවු කෙරුණා.
නොපෙනී යාමේ තාක්ෂණය ගැන ලොව පුරා උනන්දුවක් ඇති කළේ හැරී පොටර් චිත‍්‍රපට මාලාවෙන්. දැන් ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් එය සැබෑවක් කරන්න හදනවා.
මේ පිරිස 2006 දිත් මෙහි මුලාකෘතියක් මුලින්ම ඉදිරිපත් කළා. එහි අලූත් ම නිපැයුම ලෙසයි, මෙය ඉදිරිපත් කර ඇත්තේ.
මෙම නව නිපැයුම මගින් ඒ පිරිසට හැකි වුණා, යම් වස්තුවක් නොපෙනී යාමට සලස්වන්නට. එහි දී ඔවුන් නොපෙනී යාම සඳහා යොදා ගත්තේ සෙන්ටි මීටර් ගණනක සිලින්ඩරයක්.
ලොව පුරා කණ්ඩායම් ගණනාවක් මේ සම්බන්ධව කි‍්‍රයා කරමින් සිටිනවා. හැරී පොටර් නොපෙනී යාමට භාවිත කළ උපක‍්‍රමය සැබෑවටම නිපදවන්නට තැත් කරන කණ්ඩායම් තුනක් ගැන දැනට වාර්තා වෙනවා. එංගලන්තයේ ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස හැරුණු විට ඇමෙරිකාවේ ටෙක්සාස්හී කණ්ඩායමක් ද, ස්වීඩනයේ සමාගමක් ද මේ විස්මිත සිහිනය සැබෑ කර ගන්නට වෙර දරනවා.
එංගලන්තයේ ‘නේචර් මැටීරියල්ස්’ ආයතනය කළ අධ්‍යයනයකින් පෙන්වා දීල තියෙනවා, දියමන්ති හැඩයේ ලෝගුවක් භාවිත කිරීමෙන් මෙය සම්පූර්ණයෙන් කළ හැකි බව.
කොහොම වුනත් තවමත් තාක්ෂණය හැරී පොටර්ගේ ලෝගුව තරමටම සම්පූර්ණ වී නැහැ. මේ මායාව කි‍්‍රයා කරන්නේ එක අතකට විතරයි. ඒ කණ්ඩායම පිළිගන්නව දෘශ්‍යාලෝකය පවතිද්දී නොපෙනී යාම සර්වසම්පූර්ණයෙන්ම කළ නොහැකි බව.
ඒ පර්යේෂණ කණ්ඩායමේ එක් සමාජිකයෙකු සංවර්ධනය කරලා තියෙනවා, මෙහි දී මතුවන ප‍්‍රධාන ගැටලූ ජය ගත හැකි නව සැලසුමක්.
ඩියුක් විශ්ව විද්‍යාල කණ්ඩායම තනා තියෙනවා, විශේෂ නව ද්‍රව්‍යයක්, ‘මෙටා-මැටීරියල්’ (meta-materials) කියලා. කෘති‍්‍රමව නිපදවා ඇති මෙහි ස්වාභාවික ද්‍රව්‍යවල නැති ගති ලක්ෂණ තියෙනවා.
මේ ‘මෙටා-මැටීරියල්’වල අඩංගු ව්‍යුහයන් සැලසුම් කර ඇත්තේ යම් වස්තුවක් වටා ඇති විද්යුත් චුම්බක තරංගවල හැසිරීම වෙනස් කළ හැකි අකාරයටයි. ඒවා ඒ වස්තුවේ අනික් පැත්තෙන් ගමන් කරන ආකාරයට යැවූ විට අපට වස්තුව නොපෙනී යනවා. අපට ඒ වස්තුව විනිවිද එහි පසුබිම පේන්න පටන් ගන්නවා. එවිට වස්තුව අපට පෙනෙන්නේ නැහැ.
සිය ආචාර්ය උපාධිය සඳහා මේ විෂය හදාරන නාදන් ලැන්ඩි ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”මේ අදිසි ලෝගුවක් තැනීමට නම් මේ සංකීර්ණ මෙටා මැටීරියල් ද්‍රව්‍යවලින් ඒ ලෝගුව සරසන්න ඕනෑ. එය හොඳින් සැලසුම් කර කළ යුත්තක්.”
”අපි හඳුනා ගෙන ඇති එක දෙයක් තමයි, මේ උපකරණවල දාරවලදී ආලෝක තරංග පරාවර්තනය නොවීම. ඒකට පිළියමක් යෙදිය යුතුයි” ඔහු කියනවා.
ඔහු විස්තර කර දුන්නා ඒක හරියට පැහැදිලි වීදුරුවකින් පරාවර්තනය වී පේනවා වගෙයි කියල.
පේ‍්‍රක්ෂකයාට වීදුරුව විනිවිද දැකිය හැකියි. ඒත්, එතැන වීදුරුවක් ඇති බව ආලෝකය පරාවර්තනය වන නිසා දැනෙනවා.
”ලෝගුව අදිසි බවට පත් කිරීමේ නිදර්ශනය දැක්වීම අපේ එකම අරමුණ නිසා අපි ඒ පරාවර්තනය වීම් ගැන මෙහිදී වද වෙන්නේ නැහැ.” ඔහු කියනවා.
ඩියුක් විශ්ව විද්‍යාලයේ නාදන් ලැන්ඩි තැනූ ලෝගුව වැසිය හැකි ඔහුගේ නව නිපැයුම සමග.
ලැන්ඩි මෙහිදී පරාවර්තනය වීම් අවම කරන්න ක‍්‍රමවේදයන් යොදා ගෙන තියෙනවා. ලෝගුව සැකසීමේ දී ෆයිබර් ග්ලාස්වලට කා වැද්දූ තඹ යොදා ගත්තා. ඔහු මේවා යොදා ගත්තේ තීරු වශයෙන්.
ඔහු තැනූ අඩි දෙකක පමණ චතුරස‍්‍රයක් වන මේ මෙවලමෙහි තීරුවලින් දියමන්ති හැඩයක් ද මැද හිස් කොටුවක්ද තියෙනවා.
ඕනෑම ආලෝක තරංගයක් ඒ මතුපිටට වැටුණු විට එක්කෝ උරා ගන්නවා, නැත්නම් පරාවර්තනය කරනවා. එසේත් නැත්නම් ඒ දෙකෙහිම සංකලනයක් සිදු වෙනවා.
මේ පිළිබඳව කලින් කළ අත්හදා බැලීම්වල දී තරංගවල ඇති ශක්තියෙන් සුළු ප‍්‍රතිශතයික් තමා උරා ගත්තේ. ලෝගුව සම්පූර්ණයෙන්ම නොපෙනී යන ආකාරයට කි‍්‍රයා කළේ නැහැ.
මෙහිදී ලෝගුව කොටුවලට වෙන් කිරීම අවශ්‍ය වුණා.
ලැන්ඩි පැහැදිලි කළා කලින් නිපදවූ ලෝගුවලට යෙදූ මෙටා මැටීරියල්වල දාර හා කොන්වල පරාවර්තනයන් සිදු වූ හැටි.
”ලෝගුවේ ඇතැම් තැන්වල අපේ කි‍්‍රයාව අවලංගු වුණු හා ආවාරණය කි‍්‍රයාත්මක නොවූ තැන් ඉතිරිව තිබුණා. ඒ එකිනෙක හරහා වැටුණු තැන් හා අහුකොන් ආදියෙයි. ගණනය කිරීම් රාශියකින් පසුව ඒ ආවරණ තීරු එහාමෙහා කිරීමෙන් ඒවා නිවැරදි කළ හැකි බැව් අප තේරුම් ගත්තා.” ලැන්ඩි කියනවා.
‘මෙටා මැටීරියල්’ ලෝගුවෙන් කොටසක්. ඒ මගින් ආවරණය කරන ‘සඟවන’ ද්‍රව්‍යය වටා ඇති මයික්‍රෝ තරංග වෙනතකට පරාවර්තනය කරනවා.
”අපි ලෝගුවක් තැනුවා. ඒක හරි ගියා. එතැනදි ආලෝකය තරංග දෙකකට බෙදී ප‍්‍රස්තුත වස්තුව වටේ ගොස් එහි අනෙක් පැත්තේ මැද දී නැවත එකට එක්ව තනි තරංගයක් වී ගමන් කළා. වස්තුව නොපෙනී ගියා. එහි පරාවර්තනය වීම අවම වුණා.” ලැන්ඩි කියනවා.
මේ යොදා ගත් ක‍්‍රමය ලෝගු තැනීමට වඩා එහා යන එකක් බවයි ලැන්ඩිගේ අදහස. නිදසුනක් වශයෙන් මේ මෙටා-මැටීරියල්වලින් රෙදිපිලිවල ඇඹරුණු හා ඇද වුණු තැන් ඇද ඇර ආලෝකය පරාවර්තනය වීම් නැති කරන්නට හැකි වෙනවා.
”මේක තමා වඩා වැදගත් වන්නේ, හැම නම්මක් ම ඇද ඇර එහි තරංග පරාවර්තනය කිරීම නැති කර ලන්න මේ මලින් අපට හැකි වෙනවා.” ලැන්ඩි කියනවා.
දැන් පර්යේෂකයන් කි‍්‍රයා කරන්නේ මේ සොයා ගත් මූල ධර්ම ති‍්‍රමාන රූප සඳහා යොදා ගත යුත්තේ කෙසේ ද යන්න ගැන විමසන්නයි. එය දැන් භාවිත කරන ද්විමාන මෙවලමට වඩා ඔවුන් ඉදිරියේ ඇති ලොකු අභියෝගයක්.
එය කි‍්‍රයාත්මක වන හැටි
ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් මේ ලෝගුව ආවරණය කිරීමට යොදා ගත්තේ මිනිසා විසින් නිර්මාණය කළ මෙටා මැටීරියල් නම් ද්‍රව්‍යයක්. එහි ස්වාභාවික ද්‍රව්‍යවල නැති ගති ලක්ෂණයි තියෙන්නේ.
මෙම මෙටා මැටීරියල්වල ව්‍යුහයන්, යම් වස්තුවක වටා ඇති විද්යුත් චුම්බක තරංග හැසිර විය හැකි ආකාරයට සකස් කරන්න පුළුවන්. ඒ අනුව එම වස්තුව නොපෙනී යනවා.
වස්තුව පසුපසින් මතුවන එම තරංග වස්තුව විනිවිද යන ආකාරයෙනුයි දිස්වෙන්නේ. ඒ විදියටයි, වස්තුව නොපෙනී යන්නේ.
හැරී පොටර් චිත‍්‍රපටයේ මෙන් ‘අදිසි’ ක‍්‍රම පිළිබඳ තවත් අත්හදා බැලීම් ගණනාවක් ම ලොව පුරා සිදු වෙනවා. එයින් දෙකක් ගැන මීළඟ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වෙනවා.
0 Comments