පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ ෆ්ලොරන්ස්වල ගොඩගැනීමට බලාපොරොත්තු වන ඇටසැකිල්ල ලියනාඩෝ ඩා වින්චි ඔහුගේ ඒ ලෝක ප‍්‍රකට චිත‍්‍රය ඇන්දා යැයි කියන කාන්තාවගේ කියායි.
සාන්ත උර්සුලා කන්‍යාරාමයේ පැරණි ගොඩනැගිලි අතර කැණීම් කරන පුරාවිද්‍යාඥයන් දැන් ඒ සොහොනෙන් එවැනි කාන්තා ඇටසැකිලි දෙකක් මතු කර ගෙන තියෙනවා. එකක් සිරුර සම්පූර්ණයෙන්ම තියෙනවා. එකක විසිරුණු කැබලියි තියෙන්නෙ.
ෆ්ලොරන්ස්වල කැණීම් කරන පර්යේෂකයන් දැන් ඒ සොහොනෙන් මොනා ලිසාගේ යැයි සැක කරන ඇටසැකිලි දෙකක් මතු කර ගෙන තියෙනවා.
14 වන සියවසේ විසූ කීර්තිමත් සිත්තරකු වූ ලියනාඩෝ ඩා වින්චි සිය මොනා ලිසා චිත‍්‍රය ඇඳීමට ‘නිරූපිකාව’ ලෙස යොදා ගත්තේ මොනා ලිසා ජෙරාර්දිනී (Gherardini) යැයි කියන මතය අනුව යමිනුයි මේ කැණීම් ඔවුන් කරන්නේ.
දැනට දින කීපයකට පෙර ඔවුන් ගොඩගත් ඇටසැකිල්ලත් සමග මුළු ගණන හතක්.
”අපි සැලසුම් කළ විදියටම සියල්ල සිදු වෙනවා. ළඟදීම අපි ජෙරාර්දිනීව සොයා ගන්නවා. ඇගේ හිස්කබලෙන් දැන් ලෝකයේ ඇති සංකීර්ණ නව තාක්ෂණය යොදා ගෙන අපට ඇයගේ මුහුණ ප‍්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. මෙහි යම් වෙනස්වීමක්, වැරදීමක් වෙතොත් ඒ සියයට හතරත් අටත් අතර සුළු වෙනසත් විතරයි.” මෙහි පර්යේෂණ කටයුතු මෙහෙයවන වින්සෙති කියනවා.
”ඊට පස්සෙ අපට පුළුවන් ඒ මුහුණ මොනා ලිසාගේ චිත‍්‍රයේ මුහුණ හා සසඳන්න. කිසිසේත් වැරදීමට ඉඩක් නැති අති සංකීර්ණ නව තාක්ෂණය ඔස්සේ ප‍්‍රථම වතාවට අපේ ප‍්‍රශ්නවලට උත්තර ලැබේවි” ඔහු ස්කයි ටීවීවලට කියා තියෙනවා.
”මේ මුහුණු නිර්මාණයත් සමග අපට ස්ථිරව දැන ගන්න පුළුවන් ලියනාඩෝ ඩා වින්චි සැබැවින්ම සිය චිත‍්‍රයට ජෙරාර්දිනීව යොදා ගත්තාද නැද්ද යන්න ගැන. එහෙම නැත්නම් අපට වෙනත් නිගමනවලට යන්න පුළුවන්”
කෙසේ වෙතත් ජෙරාර්දිනීගෙන් පැවත එන ඥාතිවරියක වන ඉතාලියානු වංශවත් කාන්තාවක වූ නතාලියා ගුයිසියාදිනී ස්ට්‍රෝසි කියන්නේ මේ පර්යේෂකයන්ගේ සොහොන් හෑරීමේ ව්‍යාපෘතිය පුරාවස්තු කෙලෙසීමක් බවයි.
”ඇගේ ශේෂයන් මේ විදියට සොයා ගැනීමෙන් ලියනාඩෝගේ චිත‍්‍රයේ ආකර්ෂණයේ වෙනසක් වේවිද?” ඈ පසුගියදා ඒ ගැන පැවසුවා.
කෙසේවෙතත් ඇටසැකිලි මොනා ලිසාගේ නොවුනත් කැණීම් නොකඩවා කරන බැව් කැණීම් කරන පිරිස කියනවා.
මේ කන්‍යාරාමයෙහි සිරුරු වළලා තියෙන්නේ එක මත එකයි. ඒ නිසා පිරිස බලාපොරොත්තු වන්නේ ඉතිහාසයට අනුව අතීතය සොයා කැණීම් කරන්නයි.
මේ අතර අලූත් ම සොයා ගැනීමක් වාර්තා වෙනවා. ඒ මොනා ලිසාගේ අලූත් සිත්තමක්. අලූත් කීවාට පැරණි සිත්තමක්. ස්විට්සර්ලන්තයේ සූරිච්වල පිහිටි මොනා ලිසා පදනම පසුගියදා ඒ සිත්තම මහජනයා සඳහා විවෘත කළා. ඔවුන් කියන විදියට ඒ සිතුවමත් ලියනාඩෝ ඩා වින්චිගේ අතින් ම ඇඳි එකක්. ඒක මෙතෙක් හඳුනාගෙන ඇති සිත්තමට කලින් ඇඳි එකක් විය හැකියි කියලයි, ඔවුන් කියන්නේ.
ඒත් අනෙක් විශේෂඥයන් එයට එකඟ වෙන්නේ නැහැ. ඔක්ස්ෆර්ඞ් මහාචාර්ය මාටින් කෙම්ප් බීබීසියට කියා ඇත්තේ ‘ඒ කාලයේ ඔහු තවත් මෙවැනි සිත්තමක් ඇන්දා’ යයි සිතීමට කිසිම පදනමක් නැති බවයි.
අලූත්ම කැණීම්වල දී වින්සෙතිට හමුවෙලා තියෙනවා ධනවත් කාන්තාවකගේ සිරුරක්.
”මේ කන්‍යාරාමයේ කන්‍යා සොයුරියන්ගේ වාර්තා පොත්වලට අනුව මේ හමුවී ඇති ශේෂයන් මාරියා ඩෙල් රිකෝගෙයි. ධනවත් කාන්තාවක්. මිය ගියේ 1609දි. ” ඔහු මාධ්‍යවේදීන්ට කීවා. එහිදීත් ඔහු අවධාරණය කළා ‘මොනා ලිසා’ගේ අස්ථි මෙහි ඇති බව.
අලූත්ම සොයා ගැනීම ඒ සොහොනෙහි එක ළඟ එක වළලා තිබූ ඇටසැකිලි දෙකක්.
පුරාවිද්‍යාඥයන්ට දැනටමත් මේ සොහොනෙන් ඇටසැකිලි හතක් හමු වී තියෙනවා.
වමේ ඇති රූපය ලියනාඩෝ ඩා වින්චිගේ මොනා ලිසා. ඒ රූපය 2005 අපේ‍්‍රල් 5 වැනිදා පැරීසියේ ලූරේ කෞතුකාගාරයෙන් ලබා ගත් එකක්. ඒ හා සමාන සිත්තමක් නිකුත් කරල තියෙනවා මොනා ලිසා පදනමෙන්. එය වමේ ඇති රූපයට කලින් ඩාවින්චිම ඇන්ද එකක් කියලයි, ඔවුන් කියන්නේ.
අලූතෙන්ම හමුවූ මොනා ලිසාගේ යැයි සැලකෙන ඇටසැකිලි පිරික්සන පුරාවිද්‍යාඥයෙක්.
ලියනාඩෝ ඩා වින්චිගේ මොනා ලිසා චිත‍්‍රයේ හිමිකාරිය වූ ලිසා ජෙරාර්දිනීගේ සිරුර මිහිදන් ඇතැයි සැලකෙන කන්‍යාරාම පරිශ‍්‍රය.
දැන් කැණීම් සිදු කෙරෙන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස්හී සාන්ත උර්සුලා කන්‍යාරාමය පැවති බිම.
මොනා ලිසා රුව ලියනාඩෝ ඩා වින්චි ඇන්දේ ඉතාලියේ සුප‍්‍රකට ධනවත් සේද වෙළෙන්දකු වූ ෆ්රැසිස්කෝ ඩෙල් ජියොකොන්ඩාගේ බිරිඳ වූ ලිසා ජෙරාර්දිනී දෙස බලලයි. ඉතාලියේ මේ චිත‍්‍රයට මොනා ලිසා කියා කියන්නේ නෑ. ‘ලා ජියොකොන්ඩා’ (La Gioconda) කියලයි කියන්නෙ.
නවීන ඉතිහාසකරුවන් වැඩි දෙනකු පිළිගන්නවා මොනා ලිසා යනුවෙන් හැඳින්වෙන්නේ ලිසා ඩෙල් ජියොකොන්ඩෝගේ ආලේඛ්‍ය රූපය බව. ඇය සැමියාගේ මරණයෙන් පසු කන්‍යාරාමයකට ඇතුළු වුණා. ඇය එහිදී මිය ගියා, වයස අවුරුදු 63දි, 1542 ජූලි මාසයේ 15 වැනිදා.
පුරාවිද්‍යා කණ්ඩායමක් අත්හැර දමන ලද සාන්ත උර්සුලා කන්‍යාරාමය පැවති පරිශ‍්‍රය තුළ කැණීම් පටන් ගත්තේ පසුගිය අවුරුද්දෙදියි. ඒ බව අපි ඔබට ‘මල් කැකුළු’වලින් කීවා මතක ඇති.
ඔවුන් බලාපොරොත්තු වන්නේ ලිසා ජෙරාර්දිනීගේ සිරුර හමුවුනොත් එයින් ඞීඑන්ඒ ලබා ගෙන ඇගේ අනන්‍යතාව තහවුරු කරන්නයි. ඔබ හිතයි, එහෙම කොහොමද කරන්නෙ කියලා. ඔවුන් හඳුනා ගෙන තියෙනවා වෙනත් තැනක් ඇගේ දරුවන් දෙදෙනා වළලා තියෙන. ඒවායේ ඞීඑන්ඒ අර ගෙන මේවා සමග සන්සන්දනය කරන්නයි, ඔවුන් බලාපොරොත්තු වන්නේ.
එසේ හඳුනාගත් පසුවයි, ඔවුන් මුහුණු ප‍්‍රතිනිෂ්පාදනය කිරීමේ නවීන තාක්ෂණය යොදා ගෙන ඒ සිත්තමෙහි ඇති රුව හා සසඳන්නට බලාපොරොත්තු වන්නේ.
කෙසේවෙතත්, සමහර පර්යේෂකයන් මේ පර්යේෂණය විවේචනයට ලක් කරනවා. ඔවුන් කියන්නේ, මේ ගවේෂණයෙහි ඇති වේගවත් බව නිසා කැණීම්වලදී පැවතිය යුතු සාම්ප‍්‍රදායයන් නොරැකෙන බවයි. නිදසුනක් වශයෙන් මෙහිදී සිරුරු ශේෂයන් හමුවන තැන් සිතියම් ගත නොකිරීම දැක්විය හැකියි. ඒ නිසා ඒ ඒ සිරුරු අතර ඇති සම්බන්ධතා ගැන තොරතුරු විනාශ වී යන බව ඔවුන්ගේ මතයයි.
‘ලයිව් සයන්ස්’ (LiveScience) වෙබ් අඩවියෙහි සඳහන් වන පරිදි මේ ගැන අදහස් දක්වමින් ඇමරිකාවේ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සානව විද්‍යාඥ කි‍්‍රස්ටිනා කිල්ග්රෝව් කියන්නේ, ‘වෘත්තීය මට්ටමෙන් කැණීම් ආරම්භ කළ ද, සැබෑ මොනා ලිසා සොයන්නට වින්සෙතිට ඇති මේ ඕනෑකම විද්‍යාත්මක පර්යේෂණ ක‍්‍රමවේදය පදනම් කර ගත් එකක් නොවෙයි’ කියායි.
‘මේ සම්බන්ධයෙන් ඉස්පාසුවක් නැතිව කෙරෙන මාධ්‍ය ප‍්‍රචාරණය නිසා පුරාවිද්‍යාඥයන් හරයක් නැති නිසරු දේ සඳහා කාලයත්, ශ‍්‍රමයත්, මුදලූත් නාස්ති කරන පිරිසක් ලෙස මහජනතාවට පෙනී යා හැකි යැයි’ ඇය වැඩිදුරටත් කියනවා.
2 Comments
තිත් දෙකයි ඕ
ReplyDeleteඇයි මේ අය මේවා හාරන්නේ? :O
ReplyDelete