1640 දී මුදල් හිඟයෙන් නිතර පෙළුණු දෙ වන චාර්ල්ස් රජතුමා හිරගෙදර තිබූ වෙළෙඳුන්ගේ මුදල් තැන්පතුවලින් රන්පවුම් දෙ ලක්ෂයක් රාජකීය භාණ්ඩාගාරයට ඇද ගත්තා. වෙළෙන්දන් ඉන් කලබලයට පත් වුණා. මුදල් තැන්පත් කරන්නට වෙනත් ආරක්ෂිත ස්ථානයක් සොයන්නට පටන් ගත්තා. ඒ කාලයේ පොහොසතුන් තමන්ගේ වටිනා පිඟන් බඩු හා මැණික් ආදිය ආරක්ෂාවට තැබුවේ රන්රිදී බඩු තනන්නන් ළඟයි. වෙළෙන්දනුත් මේ ක‍්‍රමය අනුගමනය කරමින් රන්රිදීකරුවන් ළඟ මුදල් තැන්පත් කරන්න පටන් ගත්තා.
ලැබුණු මුදලට වෙළෙන්දාට කුවිතාන්සියක් ලැබුණා. ඒ කුවිතාන්සියේ ලියා තිබුණේ එය ඉදිරිපත් කළ විට බාර දුන් මුදල ආපසු දෙන බවයි. බැංකු නෝට්ටුවේ එහෙමත් නැත්නම් චෙක් පතේ උපත සිදු වුණේ මෙහෙයි.
චෙක් පත වෙනුවට ඒ කාලයේ නිකුත් කළේ ලියුමකි. එහි ලියා තිබුණේ ‘අසුවලාට අසුවල් ගණනක් දී පොතේ ණය තීරුවේ ඒ බව සටහන් කර තබන්න.’ කියායි. මේ ලියුම අවසන් වුණේ ‘මෙයට ඔබේ ආදරණීය මිතුරා’ කියායි. අද කාලේ බැංකුව ඒ කාලේ පටන් ගත්තේ එහෙමයි.
ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ බැංකු ඇර තබන, ගනුදෙනු කරන, වේලාවන් ගැන සම්මතයක් තිබුණේ නැත.
1689 දී ලක්සම්බර්ග්හී ‘මෙයට ඔබේ ආදරණීය මිතුරා’ කියා ‘මෙයට ඔබේ ආදරණීය මිතුරා’ කියා බෝෆෝට් ආදිපාදිනියගෙන් ඇගේ මුදල් තැන්පත් කරුවාට මේ විදියේ ලියුමක් යැව්වා. ‘අප හමු වන්න බෝෆෝට් වලව්වට අද හවස හයට එන්න. ඒ එන විට පවුම් සියයකුත් රැගෙන එන්න. වලව්වේ හාමුදුරුවෝ සනීපයෙන් ඉන්නවා.’
(මින් වසර 48කට පෙර එස්. පී. පෙරේරා විසින් සංස්කරණය කරන ලද ‘දැනුම’ සඟරාවක පළ වූවකි.)
අද චෙක් පතත් අභාවයට යමින් තියනවා. ඒ වෙනුවට වෙනත් විකල්ප ඇවිත්!
1 Comments
Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..නොදැන හිටි දෙයක්, ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට
ReplyDelete