අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඒක අමුතුම නවමු අත්දැකීමක්. පහළ පාලක මැදිරියෙ සිටි අයට ඔහුව ඇවිදීම නතර කරවලා ආපසු අභ්‍යවකාශ යානයට ගන්න එක අපහසු දෙයක් වුණා.
වයිට් කියන්නේ සිය ජීවිතයේ දුක්බර ම අවස්ථාව ආපසු යානයට එන්න සිදු වුණු වේලේ උදා වුණා කියලයි.
උඩු ගුවනේ ඇවිද්ද පය: 1965 දී එඞ් වයිට් ඒ ඓතිහාසික ගමනේ යෙදෙමින්.
කොහොම වුනත්, බිම පාලක මැදිරිය දැන සිටියා ඔහුට තවත් වේලාවක් එළියේ රැඳී සිටිය නොහැකි බව. ඔහු තවත් රැඳී සිටියා නම් බර්මියුඩාවේ අහසේ රඳවා තිබුණු ගුවන්යානයට තවදුරටත් ඔහුව නිරීක්ෂණය කළ නොහැකි වෙනවා, අඳුර වැටෙන නිසා.
මේ ඓතිහාසික අවස්ථාව පසුගියදා YouTube එකෙන් බලා ගත් පේ‍්‍රක්ෂකයන් විස්මයෙන් ඇළලී ගියා. තවමත් නුදුටුවා නම් ඔබටත් මෙතැනින් නරඹන්න පුළුවන්.
ජෙමිනි IV යානයෙන් පිටතට ආ වයිට් ඒ වන විට පෘථිවි කක්ෂයේ යමින් සිටියේ පැයට සැතැපුම් 18,000ක වේගයකින්. ඔහු සිටියේ හවායිවලට සැතැපුම් 178ක් ඉහළින් අහසේයි.
වයිට් අභ්‍යවකාශ යානයට සම්බන්ධ වෙලා සිටියේ අඩි 25ක් දිග ඔක්සිජන් සපයන ‘පෙකණිවැලක්’ බඳු නාලයක් හා සවිමත් රැහැනකින්, ඒ දෙකම එකට වෙලා තිබුණේ රනින් කළ පටියකින්.
ඔහු කක්ෂගතව සැතැපුම් 6,500ක දුරක් යානය හා යා වී හිඳිමින් ඉහළ අහසේ සිත් සේ ඔබ මොබ ගමන් කළා.
ඔහු අභ්‍යවකාශ යානයට සම්බන්ධ වෙලා සිටියේ අඩි 25ක් දිග ඔක්සිජන් සපයන ‘පෙකණිවැලක්’ බඳු නාලයක් හා අඩි 23ක් දිග සවිමත් කඹයකින්. ඒ දෙකම එකට තනි රැහැනක් ලෙස රනින් කළ පටියකින් වෙළා තිබුණා. ඔහු අවට උඩු ගුවනේ ඇවිද්දේ නයිට‍්‍රජන් වායුවෙන් බලය සැපයූ තුවක්කුවකින්.
ඔහුගේ හෙල්මටයේ වයිසරය රනින් ආලේප කර තිබුණා. ඒ හිරුගෙන් එන නොපෙරුණු කිරණවලින් හානියක් නොවනු පිණිසයි. ඔහුගේ ඇඳුම් කට්ටලය ඇතුළතින් ඔක්සිජන්වලින් සම්පීඩනය කර තිබුණා.
දැන් ඒ උඩුගුවන් ගමන YouTube එකෙන් ඔබටත් දැක ගන්න පුළුවන්.
එඞ් වයිට් උඩුගුවනේ ඇවිද්ද ප‍්‍රථම ඇමෙරිකානුවා වුණාට ඒ කාර්යය මුලින් ම කළ ලෝකවාසියා වන්නේ රුසියානු ජාතික ඇලෙක්සි ලියනොෆ්. ඔහු ඒක කළේ 1965 මාර්තු 18 වැනිදා. ඒකෙන් ඇති වූ ලජ්ජාව වහගන්න තමයි ඇමෙරිකාව ඔවුන්ගේ උඩුගුවනේ ඇවිදීම සිදු කළේ. රුසියානුවාගේ උඩුගුවනේ ඇවිදීම පෙන්වන්න විදියක් නෑ. ඒත් ප‍්‍රචාරක වැඩක් හැටියට කළ නිසා ඇමරිකානුවාගේ උඩුගුවන් ගමනේ වීඩියෝවක් YouTube එකට නිකුත් කරල තියෙනවා. උඩුගුවන් ගමනක අත්දැකීම ඔබටත් ලබා ගන්න ඒ වීඩියෝවෙන් පුළුවන්.
වයිට් යානය අවට උඩු ගුවනේ ඇවිද්දේ නයිට‍්‍රජන් වායුවෙන් බලය සැපයූ තුවක්කුවකින්.
මුලින් ම උඩු ගුවනේ ඇවිද්දෙ රුසියානු ජාතිකයෙක්, ඒ, මේ ගමනට මාස කීපයකට කලින්.
1965ත් 1966ත් අතර සිදු කළ ඇමරිකානු ජෙමිනි මෙහෙයුම්වලින් කණ්ඩායම් 10ක් උඩුගුවනට ගිහින් තියෙනවා. ඒ ගමන්වලින් ලත් අත්දැකීම් තමයි, ඇමරිකාවේ නාසා ආයතනයට හඳ ගමනට උපකාර වුණේ.
මේ උඩුගුවන් චාරිකාව නිම කර ආපසු පොළොවට ආ එඞ් වයිට්ගේ යානය සොයා ගන්න ගුවන්යානා 134ක් හා නැව් 26ක් යොදවලා තිබුණා.
උඩුගුවන් ගමනේ වීඩියෝ පටිය:
2 Comments
ඇමරිකාව සෑම විටකම පාහේ රුසියාවට පසු පසින් තමයි ඉන්නේ. මම අහලා තියෙනවා අභ්‍යාවකාශයේ දී ලිවීම සඳහා පෑනක් නිර්මාණය කිරීමට ඇමරිකාව ඩොලර් මිලියන ගණනක් පරීක්ෂණ සඳහා වියදක් කලා කියලා. ඒත් රුසියානුවන් ඒ වෙනුවට තමන්ගේ අභ්‍යාවකාශගාමියා අතට පැන්සලක් දුන්නාලු :)ඒ වගේමයි රුසියාවේ මිග් යානයේ හැකියාවන්ට සමීප වන්නට යානයක් තනන්නට තවමත් ඇමරිකානුවන් හට නොහැකි වී ඇති බවත් කියනවා
ReplyDelete@mahasona
ReplyDeleteමචන් ඇමරිකානුවන් රුසියානුවන්ට වැඩ හුගාක් ඉදිරියෙන් ඉන්නේ හැමපත්තකින්ම wage එක penawa rusiyawata ගියපුවාම එක නෙමෙයි ඇමරිකාව ඩොලර් මිලියන ganan wiydam karala panak haduwe pansalak geniyanna barikama නිසා නෙමෙයි pansalak aran gihin liyanakota බැරිවෙලාවත් thuda kadila pawela gihin kage hari ahe wadunoth කියල.