නටුව නොවේ මල සිඹිමී - මම ළමයෝ පැණි උරමී’
යනුවෙන් ළමයකුත්, වන බමරකුත් අතර සංවාදයක් ආකාරයෙන් ලියා ඇති කුඩා කවිය අදත් අපේ දරුවන් අතරත් වැඩිහිටියන් අතරත් එකසේ ජනපි‍්‍රය ළමා කවකි. ළමයින්ට කවි ලිවීම අරභයා ආනන්ද රාජකරුණා (1885-1957) කවියා දැක්වූ දක්ෂතාව මැන ගැනීමට එම කව ම ප‍්‍රමාණවත්ය. ළමයින් සඳහා විවිධ මට්ටමේ කව් රැසක් ආනන්ද රාජකරුණා විසින් අපේ ළමා පරපුරට දායාද කර තිබේ.
කි‍්‍ර.ව. 1885 ජනවාරි 7 වැනිදා ගාල්ලේ මහදම්පාගම රාල්ලාගේ වත්තේ දී උපන් ඔහුගේ උපත් නාමය ‘ඇල්ෆ්‍රෙඞ්’ වුවද ඔහු පසු කලෙක ඒ වෙනුවට ‘ආනන්ද’ නාමය යොදා ගත්තේය. ගම්මුලාදෑනි මෙන්ම ගමේ වෙද මහතා ද වූ විජය වර්ණකුල චාර්ල්ස් තාබ්‍රෙව් රාජකරුණා ඔහුගේ පියාය. මව හෙලේනා ද ලිවේරා කරුණාරත්න වූවාය. ඔහු පස් හැවිරිදි කල මුලින්ම සිංහල උගන්වන ලද්දේ මවගේ සොහොයුරා වූ ජෝශප් ද ලිවේරා කරුණාරත්න විසිනි.
අකුරල සිංහල පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මාදම්පේ මිෂනාරි පාසලින් ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබීය. ඉන්පසු පූජ්‍ය මාදම්පේ ධම්මතිලක හිමියන් වෙතින් සිංහල බස වැඩිදුර උගත්තේය. සිරි සුමන වංශාලංකාර පේමරතන හිමියන්ගෙන් පාලි හා සංස්කෘත භාෂාවන් ද උගත්තේය. තරුණ කාලයේ දී ම ඔහු පැරණි කවි පොත් සියල්ලම කට පාඩමෙන් දත්තේය. පියාගේත් මාමාගේත් සිංහල පොත් පරිහරණය කළේය.
මුලින් ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරඹූ ඔහු පසුව පත‍්‍රකලාවේදියකු වශයෙන් කටයුතු කළේය. ළමයින් වෙනුවෙන් ඔහු කළ නිර්මාණ රැසකි. ඒ අතරින් පසුව ආ කවීන් බොහොමයකට ම ඔවුන්ගේ නිර්මාණ කරන්නට ආභාසය සපයා ඇති බව එම නිර්මාණ විමසා බැලීමේදී පෙනේ. සොබා දහම දෙස ළමා නෙතකින් බලන්නට බොහෝ කවීන් පෙලඹවූ මේ කවි සිඟිත්ත ඊට හොඳ නිදසුනකි.
මල
ගසෙක වැලෙක
හැටියට මය
මලක නටුව
අපූරුවක්
නටු අග දිග
ඇදී තිබෙන
පෙති වටය ද
අපූරුවක්
මැද කෙමියයි
රේණු ගොඩයි
සිනිඳු ගතිය
අපූරුවක්
මී මැස්සකු
මල නොතළා
රොන් ගෙන යන
අපූරුවක්
සරල සුමට වදන් යොදා ගෙන මෙම කව් ඔහු විසින් එකල පහළ බාලාංශය (වර්තමානයේ පළමු වන ශ්‍රේණිය) සඳහා ලියන ලද ‘ළදරු කව් මී’ පෙළ පොතට ඇතුළත් කළ එකකි. කුඩා ළමයකුගේ සිතෙහි පරිසරයට ආදරයක් ඇති කරන, පරිසරය තුළ සිදුවන කි‍්‍රයාකාරම් ඔස්සේ රස වින්දනයක් ඇති කිරීමට මේ පුංචි කව් පෙළෙන් කවියා සමත් වී ආකාරය අප තුළ ද ‘අපූරුවක්’ ඇති කරයි.
ඒ හැරෙන්නට අදත් ළමයින් හොඳින් දන්නා ‘ටිකිරි ටිකිරි ලියා’, ‘අම්බලමේ පිනා පිනා’ වැනි කිසිදාක නොමියෙන සුප‍්‍රකට ළමා කවි ද ඔහුගේ නිර්මාණයන්ය. ඒවායේ නිර්මාණකරුගේ නම පරම්පරාවෙන් පරම්පරාවට නොයතත්, ඔහුගේ මේ අපූරු කවි නම් අප අතින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන බව නම් කිව යුතුය.
කවිය ළමයින්ට කැප කළ කවීන් අතර පුරෝගාමියකු වූ ඔහු 1934 දී පබැදු ‘ජාතික දරු නැළවිල්ල’ නම් කෘතියට කවි 50ක් ඇතුළත් විය. ළමයා තුළ දේශානුරාගය ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු තොටිල්ලේ සිට එම කාරිය කිරීම සඳහා මෙම ‘ජාතික දරු නැළැවිල්ල’ බිහි කළේ එවැන්නක් නොමැති වකවානුවක් තුළය. මෙය නොමිලයේ බෙදා දුන්නේ කාහටත් ඉන් ඵල ලැබිය හැකි වන පරිදිය. එහි එන එක් කවියක් මෙසේය:
ජාතික ගති පණ පොවන්ට
නව ජීවන රස කවන්ට
සිංහල නම බබළවන්ට
සිය රට දැය පුබුදුවන්ට
දරුවන් වෙනුවෙන් මෙවැනි දේශානුරාගී කව් ලියන්නට, ජාතිකත්වය පිළිබඳව දරුවන් තුළ ඇති කරන්නට, ආනන්ද රාජකරුණා අනුව යමින් සිය නිර්මාණ බිහි කළ කවීන් අතර ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ළමා සිත් තුළ දේශානුරාගය වඩවන්නට උන්වහන්සේ නිර්මාණය කළ එම කව් පෙළ හඳුන්වා ඇත්තේ ”දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල” යනුවෙනි. එහි එන කවි දෙකකි, මේ සමග පළ වෙන්නේ.
දොයි දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බයෝ
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ
නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහි කොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතුවේ
ඇස්. මහින්ද හිමියන්ගේ ඒ කව් පෙළ ජාතික හැඟීමෙන් යුතු පරම්පරාවක් බිහි කිරීමට ආනන්ද රාජකරුණා සූරීන් කළ මෙහෙයට එක් උදාරණයක් පමණය.
අවසානයේ දී එතුමා 1955 ජනවාරි 5 වැනිදා ආනන්ද ධම්ම නමින් පැවිදි බිමට ඇතුළත් විය. 1957 අගෝස්තු 27 වැනිදා මෙලොවින් සමුගත්තේය. එතුමා සිහි කිරීමට 1971 ඔක්තෝබර් 29 වැනිදා තැපැල් මුද්දරයක් ද නිකුත් කරනු ලැබීය.
9 Comments
Ohu ge nirmana apey jeevitha opavath kala.Thava duratath daru munupuran ge jeevitha hada karavi.
ReplyDeleteKalayath samaga evaaye vatinakama vadi venava!
Thanks Malkakulu me rasavath lipiyata.Jayaveva!
ඔව්...මෙතුමා ඉංග්‍රීසීන් විසින් බන්ධනාගාර ගත කළා, සුද්දන්ට විරුද්ධව හඬ නඟපු නිසා...මෙතුමා එදා ඒ අත්තඩංගුවට ගන්න සුද්දෝ ආපු වෙලාවෙ සුද්දන්ට පුදුම හිතෙන විදිහට නිර්භයව තමන් සිටි හාන්සි පුටුවේම, කියවමින් සිටි පත්තරය කියවමින්ම අභීත වදන් ප්‍රකාශ කරල තියෙනව...මෙතුමා එදා හර්තාල ව්‍යාපාරය අතර තුරේදී ඊට නොදෙවෙනි උපවාසයක් ආරම්භ කළා...අන්තිමට බණ්ඩාරනායක මැතිතුමා පැමිණ එතුමාට දොඩම් වීදුරුවක් පානය කිරීමට දී සාර්ථක ලෙස උපවාසය අවසන් වුණා...මෙවැනි වීරවරයන් අපේ ජාතියට අදත් අත්‍යවශ්‍යයි...බෙහෙවින් ස්තුතියි ලිපියට!
ReplyDeleteඇත්තට ම මේ විස්තර ටික ගොඩක් වටිනවා
Deleteරෝස මලේ නටුවෙ කටු..
ReplyDeleteඉතිරි කවි ටික දෙන්නකො
රෝස මලේ නටුව කටු ඉතුරු කවි ටික දෙන්න pls
ReplyDeleteරෝස මලේ නටුවෙ කටූ වන බඹරෝ ඔහොම හිටු
Deleteනටුව නොවේ මල සිඹිිමි
මම ළමයෝ පැණි උරමි
වන බමරෝ මෙහෙම මලක්
පැණි තොපටයි මල අපටයි
ලස්සන මේ මල් කුමරී
Deleteරැගෙන නෙලා මම සිඹිමී.
Samanalaya kawi pela dennkoo
ReplyDeleteSamanalaya kawi pela dennkoo
ReplyDelete