විද්‍යාඥයෝ බොහෝ විට ඔවුන්ගේ කටයුතුවලදී චිත්තඒකාග‍්‍රතාව වැඩියෙන් යොදවති. යමකට එසේ අවධානය වැඩියෙන් යොමු කරන විට අවට සිදුවන දේ ගැන තැකීමක් ඔවුන්ට නැත. එසේ පමණ ඉක්මවා ගිය අවස්ථාවකට මුහුණ දෙන්නට 1807 දී ජර්මන් ගණිතඥයකු වූ ජොආන් කාල් ෆ්‍රෙඞ්රිච් ගෝස්ට සිදු විය. ඔහුගේ බිරිඳ දැඩි ලෙස රෝගීව ඉහළ මාලයේ සිටිය දී ඔහු පහත මාලයට වී ගණිත ගැටලූවක් විසඳන්නට කල්පනා කරමින් සිටියේය. බිරිඳගේ තත්වය තවත් නරක අතට හැරී මරණාසන්න මොහොත එළඹිණ. එතෙක් වෙලා ඔහු බිරිඳ අසල රැුඳී සිටි වෛද්‍යවරයා ගෝස් අසලට විත් ඒ බව ගෝස්ට දැන්වීය. වෛද්‍යවරයාට එතැනින් ඉවතට යන්නැයි අතින් සන් කළ ඔහු හිස ඔසවන්නේවත් නැතිව මෙසේ කීවේය: ”ඈට කියන්න මොහොතක් ඉන්න කියලා මං මේක ඉවර කරන කං”
1 Comments
මන් නම් විද්‍යාඥයක් නෙවේ , ඒ උනාට සමහර වෙලාවට දවස් 3
ReplyDeleteඑකම දිගට නින්දක් වත් නැතුව වැඩ කරන වෙලාවල්
තියෙනවා , පවුල් අරවුලුත් වෙනවා ..